Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ට ලොබ බදිමින්, අතීත අභිමානය අගය කිරීමට හුරු පුරුදුව සිටි බෙල්ජියම් ජනතාවට, අනාගතයට සරිලන පුනර්ජනනීය විදුලි බල උත්පාදන ක්‍රමවේදයන් හුරු පුරුදු කරලීමේ අභියෝගයට තමන් සාර්ථක ලෙස මුහුණ දුන් බව බෙල්ජියමේ ලොව්රාන් (Laurent)කුමරු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස හමුවෙමින් පැවසීය.

සිය සිව් දින නිල සංචාරය අරඹමින් වික්‍රමසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස 17වන දා දහවල් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පුනර්ජනනීය බල මැඳුරේ දී ලොව්රාන් (Laurent)කුමරු හමුවී සාකච්ඡා පැවැත්වූහ.

දැනට ප්‍රධාන වශයෙන් විදුලි බල උත්පාදනය සඳහා න්‍යෂ්ටික බලය උපයෝගි කර ගන්නා බෙල්ජියම අනාගතයේ පුනර්ජනනීය විදුලි බල උත්දාපනය සඳහා පූර්ණ අවධානය යොමු කර ඇති අතර, සාකච්ඡා පැවැත්වූ මැඳුරෙහි කාර්යයන් සඳහා සම්පූර්ණයෙන්ම පාහේ උපයෝගී කර ගැනෙනුයේ පුනර්ජනනීය විදුලි බලයයි.

බෙල්ජියමෙහි පිලිප් රජතුමන්ගේ බාල සොහොයුරා වන ලොව්රාන් (Laurent)කුමරු ස්වාභාවික සම්පත් තිරසර කළමනාකරණය සහ පිවිතුරු තාක්‍ෂණ ප්‍රවර්ධනය පිළිබඳ රාජකීය ආයතනයේ සභාපතිත්වය උසුලයි. ගෘහස්ත සහ වන සත්ව සුභසාධනය සඳහා වූ ලොව්රාන් පදනමෙහි ප්‍රධානත්වය උසුලන්නේ ද ලොව්රාන් (Laurent)කුමරු විසිනි. වන ජීව සහ පරිසර සංරක්‍ෂණ විෂයයන් පිළිබඳව ද ලොව්රාන් (Laurent)කුමරු දැඩි උනන්දුවක් දක්වයි.

ශ්‍රී ලංකා නියෝජිත පිරිස හමුවේ ලොව්රාන් (Laurent)කුමරු වැඩිදුරටත් ප්‍රකාශ කළේ  වසර 120ක් ඉපැරණි මේ ගොඩනැගිලි සංකීර්ණය කිසිදු පාරිසරික දූෂණයකින් හා අපද්‍රව්‍ය බැහැරවීමකින් තොරව උත්පාදනය කෙරෙන බල ශක්තියෙන් බල ගන්වා ඇති බවය.

අද යුරෝපීය පුනර්ජනනීය බල ශක්ති මූලස්ථානය ලෙස සැලකෙන මේ ගොඩනැගිලි සංකීරණයේ නිවාස, කාර්යාල, ව්‍යවසාය, වෙළඳ ශාලා පිහිටා ඇති අතර, ඒ සියල්ලෙහි කටයුතු සඳහා භාවිත කෙරෙනුයේ පුනර්ජනනීය විදුලියයි. සූර්ය බලය, භූගත උණුසුම, සුළං ආදී විවිධ ක්‍රමවේදයන් ඔස්සේ බලය ජනනය කරන අතර, පුනර්ජනනීය විදුලි උත්පාදනය කරන තාක්‍ෂණයන් සියල්ල එක්තැන් කර සිදු කෙරෙන සුවිශේෂී මෙහෙයුමක් ලෙස ද හැදින්විය හැකිය.

ගොඩනැගිල්ලෙහි නිවසන පුද්ගලයන්ගේ සිරුරු වලින් පිටවන උෂ්ණත්වය පවා බල ශක්ති ජනනය උදෙසා යොදා ගැනීමේ ක්‍රමවේදයන් මෙහි ක්‍රියාත්මකය.

පුනර්ජනනීය බල මැඳුරෙහි මූලිකත්වයෙන් යුරෝපය පුරා පුනර්ජනනීය විදුලි බල සම්පාදන ක්‍රියාවලියක් සිදු කෙරෙමින් පවතින අතර, දැනට යුරෝපයට අවශ්‍ය බල ශක්තියෙන් සියයට 12කට වඩා වැඩි ප්‍රමාණයක් නිපදවෙන්නේ පුනර්ජනනීය ශක්ති ප්‍රභවයන් උපයෝගී කර ගනිමිනි.

ලොව්රාන් කුමරු සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව වික්‍රමසිංහ මහතා ප්‍රධාන ශ්‍රී ලංකා දූත පිරිස මැඳුරු සංකීර්ණයේ විවිධ ස්ථානයන්හි ස්ථාපිත කර ඇති බල උත්පාදන යන්ත්‍ර සහ ඒවාට උපයෝගී කර ගන්නා තාක්‍ෂණික ක්‍රමවේදයන් ද නිරීක්‍ෂණය කළහ.

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා, අග්‍රමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා සහ බෙල්ජියම් තානාපති කාර්යාලයේ වාණිජ අංශ අමාත්‍ය ගෝතමී සිල්වා යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක් වූහ.

යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News