Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

"ලසන්ත මැරීයැයි සාජන් කියන කථාව එක්වරම පිළිගන්න බෑ" (වීඩියෝ)

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සම්බන්ධයෙන් හා හිටපු ආරක්ෂක ලේකම්, නාවික හමුදාපතිවරුන් අධිකරණයට රැගෙන යාම සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපති කළ ප්‍රකාශය ගැන කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත් ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සියදිවි හානි කරගත් යුද හමුදා නිලධාරියාගේ මරණය ගැන සීඅයිඩිය විසින් පරික්ෂණ ආරම්භ කොට ඇති බවත් පොලිස්පති පූජිත් ජයසුන්දර පැවසුවේය.


පොලිස්පති එසේ පැවසුවේ  වවුනියාවේ ඊච්චන්කුලම හා බෝගස්වැව නව පොලිසි දෙකක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගිවීමෙන් පසුව මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේදීයි.

ප්‍රශ්නය - ජනපති කළ ප්‍රකාශය සමග දේශපාලනික මැදිහත් වීමක් තිබේද ?
උත්තරය - මට ඒ ගැන කිසිවක් ප්‍රකාශ කිරීමට නොහැකියි
ප්‍රශ්නය - ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ තමන් බවට ලිපියක් ලියා තබා සියදිවි හානිකරගත් කෑගල්ලේ හිටපු යුද හමුදා බුද්ධි අංශ නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් වත්මන් තත්ත්වය කුමක් ද ?
උත්තරය - ඒ ගැන පරීක්ෂණයක් සිදු කෙරෙනවා ඒ වගේම සියදිවි හානි කරගෙන මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙනුත් වෙනම පරීක්ෂණයක් කෙරෙනවා. තාම අපිට මේ පුද්ගලයාගේ ප්‍රකාශය ගැන පරික්ෂණයක් කෙරෙනවා.  තාම අපිට මේ පුද්ගලයගේ ප්‍රකාශය ගැන නිශ්චිතවම දෙයක් කියන්න බැහැ. ඒ ගැන විශේෂ කරුණු කාරණා කිහිපයක් බලන්න තියනවා එයා එහෙම දෙයක් කිව්වේ ඇයි බොහෝ දේ හොයන්න තියනවා. ඒ ප්‍රදේශයේ වගේම ඔහුට පෞද්ගලික හේතූ තියෙන්වද රාජකාරී හේතූ තියනවද නැත්තම් මානසික පීඩනයක්ද නැත්තම් තර්ජනයක්ද කියල බලන්න වෙනවා. මේ හැම දෙයක්ම බලන්න වෙනවා. එයා කිව්ව පමණින්ම අපිට තීරණයකට එන්න බැහැ. ඒ නිසා ඒ පිළිබඳව කෑගල්ලෙන් කෙරෙන පරික්ෂණ වලට අමතරව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් වෙනම පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

යාපනයේ කොඩිකාමම් පොලිසියේ දී මීට වසර කීපයකට ඉහතදී දෙමළ සැකකරුවෙකු මියයාම සම්බන්ධයෙන් හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළුව 11 දෙනකුව  අත් අඩංගුවට ගැනීම පිළිබඳව අදහස් දක්වමින් පොලිස්පති කියා සිටියේ වැරැද්දක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා පුද්ගලයාට වඩා වැදගත් වන්නේ වරදේ ස්වභාවය බවයි.

ඕනෑම අපරාධයකට සම්බන්ධ පුද්ගලයෙකු පිළිබදව ඔහුට එරෙහිව සාක්කි ඇත්නම් ඔහු අත් අඩංගුවට ගැනීම පොලීසියේ වගකීම බවද පොලිස්පති කියා සිටියේය.

යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News