හිටපු කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව රැගත් පෝස්ටර් හා කී ටැග් ළඟ තබාගෙන සිටි ජර්මන් ජාතික කාන්තාවක් වහාම මෙරටින් පිටුවහල් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද නියෝග කළා.
මලර්විලී ඊශ්වරරාජා නමැති ජර්මන් ජාතික කාන්තාව චුන්නාකම් ප්‍රදේශයේ හෝටලයක නැවතී සිටියදී මෙම භාණ්ඩ තොගය සමග චුන්නාකම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව ත්‍රස්ත විමර්ශන ඒකකයට පරීක්ෂණ සදහා භාර දී තිබෙනවා.
මෙම සැකකාරිය මෙරට පදිංචිව සිට පසුව ජර්මනියේ පුරවැසි භාවය ලබා ගෙන ඇති බවට අධිකරනයේ දී කරුණු වාර්තා වුණා.
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



