මිනිසා සහ කාලය විසින් ඝාතනය කළ විශාලතම ජීවියා ලෙස සැලකෙන මහා බාධක කොරල් පරය ( Great Barrier Reef ) මියගොස් ඇතිබව අද නිල වශයෙන් ම ලොවට දැනුම් දෙනු ලැබුවා.
දූපත් 1,050 ක්, මසුන් හැර ජීවී වර්ග 1,625 ක්, මසුන් වර්ග 3000 ක් සඳහා වාසස්ථාන සැපයූ සැතපුම් 1,400 ක් විශාල කොරල්පරය, මින් මතු ජීවින් කිහිපදෙනෙකුට නිවසක් වශයෙන් පමණක් භාවිත කළ හැකි සැකිල්ලක් පමණයි.
මේ කොරල්පරයේ පැවැත්ම මත, මුහුදු පක්ෂීන්, සහ මුහුදු මකුළුවන් ද යැපී තිබුණා. එමෙන් ම ලොව සිටින තල්මසුන් අතරින් වර්ග 30 ක් ම ජිවත් වුයේ මේ මහා බාධක කොරල් පරය ආසන්නයේයි.
කොරල්පරයේ ජිවිය මත යැපුණු ජීවින් වර්ග 600 ක් පමණ මේ කොරල් පරයේ අවසානයත් සමඟ මෙලොවට සමුදී තිබෙනවා.
මුළු බ්‍රිතාන්‍යයේ ම වර්ග ප්‍රමාණයටත් වැඩි භුමි ප්‍රමාණයක් හිමි කරගෙන සිටි මහා බාධක කොරල්පරය, සඳේ සිට දැකිය හැකි එකම ජිවියා බවටත් පත්ව තිබුණා.
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



