ටෙලි නිළිය කවිෂා අයේෂානිගේ මරණය හිසෙහි දකුණු පසට සිදු වු බරපතල තුවාල හේතුවෙන් සිදු වුවක් බව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කේ.ඩී.උපාලි පෙරේරා මහතා නිගමනය කළේය.
ඔහු එසේ නිගමනය කළේ හදිසි මරණ පරික්ෂකගේ නියෝගය මත පශ්චාත් මරණ පරික්ෂණය සිදු කළ අධිකරණ වෛද්‍ය නිලධාරි එස්.ඒ.සී.නන්දසිරි මහතාගේ වාර්ථාවට අනුවය.
අද( 16)උදේ නවයහමාරට මරණ පරික්ෂණය පැවැත් වු අතර පොල්වත්ත ගෙදර ශාන්ත හේමසිරි ඇයගේ පියා විසින් මෘත ශරිරය හඳුනාගනු ලැබීය.
කවිෂාගේ ආමාශගත කොටස් රජයේ රස පරික්ෂකට යැවු බවද කියයි.අනතුර සිදුවීමට පැය තුන හමාරකට පෙර ඇය සිය ෆේස්බුක් පිටුවට අවසන් සටහන ද එක්කොට තිබිණි. ‘පෑ හිනා ඔබ කිසිදින සඟවනු එපා‘ ගීතයට ඇය සිය මෝටර් රියේ සිට වීඩියෝවකට පෙනී සිටින දර්ශනයක් එහි විය..
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



