Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් සඳහන් වූයේ සැබෑ රණවිරුවන් ආරක්ෂා කළ යුතු අතර, හොරුන් ආරක්ෂා කිරීම නොවේ යැයි නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

පසුගියදා කෑගල්ල බටංගල අභිනවයෙන් ගොඩනගන ලද තාක්ෂණික විශ්වවිද්‍යාල විද්‍යායතනය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළකළේය. රටක සංවර්ධනය සඳහා දේශපාලන ස්ථාවරභාවයක් අවශ්‍ය බවත්, දේශපාලන ස්ථාවරභාවය මත ආර්ථික සහ සමාජීය ස්ථාවරභාවය ගොඩනැගිය හැකි බවත් අමාත්‍යවරයා කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "යුද ජයග්‍රහණයෙන් පසු අපේ සොල්දාදුවන් යුද අධිකරණයට හෝ ජාත්‍යන්තර පරීක්ෂණ සඳහා යොමු කිරීමට ජනාධිපතිතුමා කිසිසේත් ඉඩ සලසා දුන්නේ නැහැ. ජනාධිපතිතුමාගේ ප්‍රකාශයෙන් විශේෂයෙන්ම සඳහන් කරන්නට යෙදුණේ රට වෙනුවෙන් එවැනි උදාර මෙහෙවරක් කළ රණවිරුවන් ආරක්ෂා කිරීම මිස හොරුන් ආරක්ෂා කිරීම නොවේ. අගමැතිතුමාද එම ස්ථාවරයේම ඉන්නවා. ජනාධිපතිතුමාගේ ප්‍රකාශයට සමහර මාධ්‍ය වැරදි අර්ථකතනදී තිබුණා. සමහර මාධ්‍ය ජනාධිපතිතුමාගේ කතාවෙන් කොනක් අල්ලගෙන අදහස විකෘති කරන්න ක්‍රියා කළා.

ජනාධිපතිතුමා කිසි විටෙකත් කොමිෂන් සභාවලට විරෝධයක් පළකළේ නැහැ. මේ රටේ කොමිෂන් සභා ක්‍රියාත්මක කිරීමට අපි එකඟයි. ඒ ස්ථාවරයේ අගමැතිතුමත් ඉන්නවා." යනුවෙන් පැවසීය.

යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News