Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

ජනවරම පාවාදීමක් : සිවිල් සමාජය

ගෝඨාභය රාජපක්ෂ හා හිටපු නාවුක හමුදාපතිවරුන් අධිකරණයට කැඳවීමට විරෝධය පළකරමින් හා එෆ්සීඅයිඩීය, සීඅයිඩීය හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම දැඩි දෝෂදර්ශනයට ලක්කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය බදාදා කළ කතාවෙන් පසු නීතිය ක්‍රියාත්මක කරන විවිධ ක්ෂේත්‍රවල විශාල අවුල්සහගත තත්ත්වයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ.

මේ තත්ත්වය යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් සිය ධුරවලින් ඉල්ලා අස්වීමට සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වන අතර, එහි අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය එම ධුරයෙන් ඉවත් වී යළිත් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයට යෑමට බලාපොරොත්තුවෙන් සිටින බවද රාවයට වාර්තා වෙයි.

ඒ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුවේ හා මූල්‍ය අපරාධ විමර්ශන පොලිස් කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන්ද මේ කතාව සම්බන්ධයෙන් දැඩි කලකිරීමට පත්ව සිටින අතර අවංකව සහ සමහරවිට දිවි පරදුවට තබා තමන් කරන බරපතළ මූල්‍ය වංචා විමර්ශන කටයුතු වලින් ස්වේච්ඡා වෙන් ඉවත්ව සිටීම ගැන සලකා බලමින් සිටින බවද රාවයට දැනගන්නට තිබේ. මේ ආණ්ඩුවේ වැදගත්ම කාර්යභාරයක් ඉටුකරන මේ විමර්ශන ආයතනවලට ප්‍රබල ප්‍රහාරයක් ජනාධිපති වරයා එල්ල කිරීම නිසා තමන්ගේ ආරක්ෂාව සම්බන්ධ සාධාරණ බියක් ඇතිවී තිබෙන බව, ඒ ගැන රාවයට අදහස් දක්වමින් විමර්ශන නිලධාරීහු කීපදෙනෙක් පැවසූහ.

රාවය කළ විමසීමකදී පුරවැසි සමාජ නියෝජිතයන් කිහිපදෙනකු පැවසුවේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය, ජනවාරි 8 වැනිදා දේශපාලන වෙනසක් කිරීමට ලක්ෂ 62ක ජනතාව කළ කැපවීම පාවාදීමක් බවය.

මේ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබලයකු රාවය අමතමින් පැවසුවේ, ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ දෙනකුගේ මතය බවයි. හම්බන්තොට රැස්වීමකට ජනාධිපතිවරයා සහභාගි වූ විට ඒ ප්‍රදේශයේ ජනතාවද මේ මතයම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ බවද එම නිදහස් සන්ධාන ප්‍රබලයා රාවයට කීවේය.

-උපුටා ගැනීම රාවය පුවත් පත

යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News