Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

2017 වර්ෂය සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත අනූව ලබන වසරේදී රජයේ අපේක්ෂිත වියදම රුපියල් බිලියන 1819.5ක් වෙයි.

2016 වසරේදී එය රුපියල් බිලියන 1941.4ක් වන අතර එය 2016 වසරට සාපේක්ෂව රුපියල්  බිලියන 21.9ක අඩුවීමකි.

2017 විසර්ජන පනතට අනූව ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය රුපියල් බිලියන 6.45කි.  ( එනම් රුපියල් කෝටි 645කි).

2016දී ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය රුපියල් බිලියන 2.3ක් වන අතර එය මෙවර තුන් ගුණයක පමණ වැඩිවීමක් ලෙස දැකිය හැකිය.

2017දී අග‍්‍රාමාත්‍යවරයාගේ වැය ශීර්ෂය‍  වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 1.25කි. ( එනම් රුපියල් කෝටි 125කි).

එය 2016දී රුපියල් බිලියන 0.4ක් ලෙස සටහන් විය.

2017 වසරට ආරක්ෂක අමාත්‍යංශය වෙනුවෙන් රුපියල් බිලියන 284ක් වෙන්කර ඇති අතර  2016ට සාපේක්ෂව එය රුපියල් බිලියන 22ක අඩුවීමකි.

2017 සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් රුපියල් බිලියන 160.9ක්ද වෙන්කර ඇති අතර 2016 සඳහා එය රුපියල් බිලියන 174.9ක් වේ.

2017 අධ්‍යාපන අමාත්‍යංශය වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 76.9ක් වන අතර 2016 වසර සඳහා එය රුපියල් බිලියන බිලියන 185.9කි.

එය 2016 හා සැසඳීමේදී රුපියල් බිලියන 109ක් අඩුවීමක් බව පෙනේ.

2017 උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය වෙනුවෙන් රුපියල් බිලියන 163.4ක් වෙන්කර ඇත.

අයවැය දෙවන වර කියවීම ලබන නොවැම්බර් මස 10 වැනිදා සිදුකිරීමට නියමිත අතර ඡන්ද විමසීම එම මස 18 සිදුකිරීමට නියමිතය.

අයවැය විවාදය දෙසැම්බර් 10 දක්වා සිදු කිරීමට නියමිත අතර තෙවන වර ඡන්දය ද එදින පැවැත්වීමට නියමිතව ඇත.

යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News