දිවිනැගුම අරමුදල් සම්බන්ධ නඩුවට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියේ ය.
රුපියල් මිලියන 33 ක දිවි නැගුම මුදල් සාපරාධි ලෙස පරිහරණය කිරීම ඇතුළු අධි චෝදනා 05 ක් යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනෙකුට එරෙහි නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු එන්.වී කරුණාතිලක මහතා හමුවේ අද විභාගයට ගැනිණ.
එහිදී, අධිචෝදනා විවෘත අධිකරණයේ දී කියවූ අතර විත්තිකරුවන් ඊට නිවැරදිකරුවන් බව ප්‍රකාශ කිරීමෙන් පසුව නඩුව ලබන වසරේ මාර්තු මස 15 වැනිදා දක්වා නඩුව කල් දැමිණ.
ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක හා හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කේ. ඒ තිලකසිරි යන මහත්වරු නඩුවේ සෙසු විත්තිකරුවෝ වෙති.
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



