මාස 18ක් තුළ ඉදිකිරීම් කටයුතු නිම කිරීමට නියමිත මෙම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය වෙනුවෙන් කොයිකා ආයතනය වෙතින් රුපියල් මිලියන 1911ක මූල්‍ය ප්‍රදානයක් ලැබී තිබෙනවා.
අනාගත වැඩලෝකයට ගැළපෙන තාක්ෂණ හැකියාවෙන් පරිපූර්ණ ශ්‍රමබළකායක් ඇති කර ගැනීමේ ජාතික අවශ්‍යතාව රජය හොඳින් හඳුනාගෙන සිටින අතර දැනටමත් පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ ක්‍රියාත්මක වෙමින් පවත්නා තාක්ෂණවේදය විෂය ධාරාව වෙනුවෙන් ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් ම වෙන් වූ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයක් මේ දක්වා නොපැවති බවත් කුලියාපිටියේ ඉදිකිරීමට නියමිත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය මඟින් ඉදිරියේ දී එම අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළා.
මෙම අවබෝධතා ගිවිසුම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ කොයිකා ආයතනය වෙනුවෙන් කොරියානු ජනරජයේ විශේෂ නියෝජිත ලී ඩොන් කියු (Lee Don Ku) මහතා අත්සන් කරනු ලැබුවා.
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



