අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් වරයා විසින් අදාල පත්වීමේ ලිපිය කර්නල් වරයාට ලබාදී ඇති අතර පසුගිය සතියේ බ්‍රහස්පතින්දා සිට ඔහු එම තනතුරෙහි රාජකාරි ආරම්භ කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් අධ්‍යාපන පරිපාලන නිලධාරියෙකුට හිමිවිය යුතු පත්වීමක් හමුදාවේ කර්නල් වරයෙකුට හිමිවූයේ කෙසේදැයි මතුවන කසු කුසු හේතුවෙන් ඒ පිළිබඳව සොයා බැලීමට අප තීරණය කළා.
මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගෙන්ද අප විමසීමක් සිදු කළ අතර ඔහු සඳහන් කළේ මෙම පත්වීම හරහා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරින්ගේ ස්ථානය කිසිවිටෙක අහිමි නොකල බවයි. එමෙන්ම අදාල පත්වීම වසරක කාලයක් සඳහා ලබාදී ඇති තාවකාලික පත්වීමක් බවද සඳහන් කළා.
පසුගිය කාල වකවානුව මුළුල්ලේ පාසල් ක්‍රීඩාවේ විනය පිරිහීයාමේ සිදුවීම් පාසල් ක්‍රීඩා සංගම් වල වංචා දූෂණ අක්‍රමිකතා රාශියක්ද වාර්තා වුණා. එමෙන්ම පාසල් ක්‍රීඩාවේ අපේක්ෂිත ජාතික සහ ජාත්‍යන්තර ජයග්‍රහණ ලබාගත හැකි දෙවන පෙලක් නිර්මාණය කිරීමේ කටයුත්තද පැවතියේ ඉතාම දුර්වල මට්ටමකයි.
මේ සඳහා නායකත්වය ලබාදීම සඳහා ක්‍රීඩා විෂය පිළිබඳ පුහුණු නිලධාරියෙකු අධ්‍යාපන පරිපාලන සේවයෙන් තෝරා ගැනීමට උත්සාහ දැරුවද ක්‍රීඩා සම්බන්ධ සුදුසුකම් ඇති ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක විය හැකි දක්ෂ නිලධාරින් සොයා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයට හැකිවී නැහැ.
මේ පිළිබඳව අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍ය වරයා පවසා තිබෙන්නේ කෙසේ හෝ පාසල් ක්‍රීඩාව නංවාලීම වෙනුවෙන් දියත් කර ඇති පස් අවුරුදු සැලැස්මත්, රජයේ ජාතික වැඩපිලිවෙලත් මෙවැනි ගැටලු මැද අකර්මණ්‍ය වීමට ඉඩ ලබා දිය නොහැකි බවයි.
ඒ අනුව යුධ හමුදාවේ ක්‍රීඩාව සම්බන්ද දක්ෂතා ඇති ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ තරග ජයග්‍රහන රැසක් ලබා ලබා ඇති ජවන හා පිටිය ක්‍රීඩකයෙකුද දක්ෂ වොලිබෝල් පුහුණුකරුවකු වන මංජුල කාරියවසම් මහතා පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂ ධූරයට තාවකාලිකව අනුයුක්ත කර තිබෙනවා.ඔහු දිවයිනේ දක්ෂතම වොලිබෝල් ක්‍රීඩකයා ලෙසද සම්මාන ලැබූවෙකු බවයි වාර්තා වන්නේ.
ඒ අනුව පාසල් ක්‍රීඩාවේ විනය, පාසල් ක්‍රීඩා සංගම් වල සම්බන්ධීකරණය මනා ලෙසින් කළමනාකරණය කිරීමේ බලාපොරොත්තුවත්, දක්ෂ ක්‍රීඩකයින් නිර්මාණය කිරීමේ රජයේ බලාපොරොත්තුව සාධනය කිරීමත් අරමුණු කරගනිමින් කර්නල් වරයා පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂ තනතුරට බඳවාගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ අභ්‍යන්තර තොරතුරු වාර්තා කරනවා.
මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ දක්ෂ නිලධාරියෙකු වන සුනිල් ජයවීර මහතාද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා උපදේශක තනතුරට පත්කිරීමට පියවර ගෙන තිබෙන්නේද පාසල් ක්‍රීඩාව නංවාලීමේ අරමුණෙන් බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මේ සඳහා ඇතැම් පිරිස් මෙන්ම වෘත්තීය සමිති මේ පිළිබඳව විරෝධය ඵලකර තිබෙනවා ඔවුන් පවසන්නේ අධ්‍යාපන පරිපාලන නිලධාරින් සිටියදී හමුදා නිලධාරියෙකු අධ්‍යක්ෂ තනතුරට පත්කිරීම වරදක් බවයි.
නමුත් ජනප්‍රිය වූවා හෝ නොවූවා නිවැරදි වූ තීරණ ගනිමින් ජනතාව තමා වෙත පැවරූ වගකීම නිවැරදිව ඉටුකරන දේශපාලකයෙකු ලෙස ප්‍රකට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කර තිබෙන්නේ ක්‍රීඩාව සම්බන්ද තීන්දු තීරණ ගැනීමේදී ක්‍රීඩාව සම්බන්දයෙන් අවබෝධයක් ඇති නිලධාරියෙකු පත්කිරීම කිසිදු වරදක් නොවන බවයි.එමෙන්ම තමා කිසිදු සේවයක් පහත්කොට නොසලකන බවද සඳහන් කර ඇති එ මහතා මෙම පත්කිරීම සිදුකලේ පාසල් ක්‍රීඩාව සද්භාවයෙන් යුක්තව නංවාලීමේ අරමුණින් බවද අවධාරණය කොට තිබෙනවා.
එමෙන්ම පාසල් ක්‍රීඩාව තුල පැවති විනය පිරිහී යාම්, ක්‍රීඩා සංගම් වල ගැටළු , ජාතික තලයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෙන ඒමට අපොහොසත් වීම, තරග සංචාර වලදී මතුවූ අක්‍රමිකතා ආදිය හමුවේ මුණිවත රැකීමට කටයුතු කල ඇතැම් වෘත්තීය සමිති සහ පුද්ගලයින් මෙවැනි සාධනීය තීන්දු තීරණ හමුවේ විරෝධය පලකිරීම කණගාටුදායක තත්වයක් බවයි සබුද්ධික ජනතාව පවසන්නේ
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



