Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

හෘදයාබාධයක් ඇති වුවහොත් ක්ෂණිකව ප්‍රතිකාර කර ඉන් රෝගියා ගලවා ගැනීම සදහා විදේශිය රටක නිෂ්පාදිත ඖෂධයක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ අවධානය යොමුව ඇත.

හෘදයාබාදය ඇති වී පැය 03 ක කාලයක් ඇතුළත මෙම ඖෂධය ලබාදීමෙන් රෝගීයාගේ ජිවිතය බේරාගත හැකි බව හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දී ඇත.

ඕනෑම රෝහලක හෝ ජංගම සායනයක දී මෙම ඖෂධය ලබාදීමෙි හැකියාව ඇත. දැනට එම ඖෂධයක් රුපියල් 120,000 කට අලෙවි වන අතර, ඊට වඩා අඩු මුදලකට ලංකාවට මෙම ඖෂධය ගෙනඒම සදහා සාකච්ඡා ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් සදහන් කරන ලද්දේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමඟ සෞඛ්‍ය ඇමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

හෘද රෝග සඳහා නොමිලේ ස්ටෙන්ස් ලබාදීමේ වැඩපිළීවෙල පිළිබඳව මෙහිදි දිර්ඝ ලෙස සාකච්ඡා කරන ලදි. එහිදී ස්ටෙන්ස් වෛද්‍ය සැපයුම අංශයෙන් ලබාදී නොමැති නම් දේශියව මිලදී ගැනීමට රෝහල් අධ්‍යක්ෂවරයාට මුල්‍ය ප්‍රතිපාදන ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ ය.

තවද රෝගීන් සදහා අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙලත් සාර්ථකව ක්‍රීයාත්මක කළ යුතු බව පැවැසූ සෞඛ්‍ය අමාත්‍යවයා ඖෂධවල හිඟයක් නොපවතින බවත්, නිදහස් සෞඛ්‍ය සේවාව අකුරටම ක්‍රියාත්මක කිරීම තම අරමුණ බවත් පැවැසීය.

ස්ටෙන්ස් සහ අක්ෂි කාච නොමිලේ ලබාදීමෙන් රෝගීන්ගේ පැමිණීම වැඩිවී ඇති බව සංගමයේ නියෝජිතයින් මෙහිදී ප්‍රකාශ කරන ලදි.

තව ද කොළඹ ජොතික රෝහලේ හෘද රෝග ඒකකය සංවර්ධනය කිරීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා විය. හෘද රෝග ඒකකය  සදහා ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන රෝගීන්ට ප්‍රමාණවත් පහසුකම් නොලැඛෙන බවට මාධ්‍ය මගින් පළ වූ වාර්තා පිළිබදව ද සාකච්ඡා කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ඊට කඩිනම් විසදුම් ලබාදෙන ලෙස වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතාට දැනුම් දෙන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ ලාල් පනාපිටිය, හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලධාරීන් සහ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා ද එක්ව සිටියහ.

යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News