තරගාවලිය ජයගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට ද ශක්තිමත්ව මුහුණ දීමට සූදානම් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග පවසනවා. අසේල ගුණරත්නගේ සුපිරි පිතිහරඹය සමස්ත ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත් කළා. අද තරගයේදී ද ඔහු ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්‍ෂතා දැක බලා ගැනීමට ක්‍රීඩා ලෝලීන් සිටින්නේ නොඉවසිල්ලෙන්. අද පස්වරු 12.30 සිට තරගයේ සජීවී දසුන් ඔබ වෙත ගෙන ඒමට අයිටිඑන් මාධ්‍ය ජාලය සූදානමින් සිටිනවා. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ලට තරග තහනමක් පැනවීමට අයිසීසී ය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද තරගය හා ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු එක්දින තරගය දික්වැල්ලට අහිමි වනු ඇති. ඔස්ට්‍රේලියාවට එරෙහිව දෙවන 20-20 තරගයේදී සිය දැවී යාම පිළිබඳ ඔහු හැසිරුණු ආකාරයත් දකුණු අප්‍රිකාවට එරෙහි සිව් වන තරගයේදී කගිෂෝ රබාඩා සමග ඇති වූ වචන හුවමාරුව ද මෙම තරග තහනමට හේතු වී තිබෙනවා. අයි සී සී ය ඒ වෙනුවෙන් දෙදෙනාටම තරග මුදලින් 50%ක දඩ ද නියම කළා.
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



