Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

මාලති මල්දම් හිසමත නැතත් පයට රතු පලස් නැතත් එදාසිට අද වන තුරුම ලංකාද්විපයේ මතු අනාගතය තිරණය වුයේ සි.ඩබ්.ඩබ් කණ්නන්ගර ශ්‍රිමතානන් ගේ දෑතින් බිහිවු නිදහස් අධ්‍යාපනයට පිංසිද්ධ වන්නට නෙවේ ද, එය එසේ නොවුවායැයි කෙනෙක් පවසන්නේ නම් එය මිහිපිට අමුලික මුසාවක් ලෙස ඔබ අප එක හෙලා කිව යුතුව ඇත.

කෙසේදයත් මානව සංහතිය පිරික්සිමේ දී, අපට පෙනි යන්නේ මානවයා ගලින්ගල ගටා ගින්දර නිපදවා ගත් යුගයේ පටන් යමි යමි සොයාගැනීම් හරහා තම දැනුම වර්ධනය කර ගැනිමට උත්සහ කල බවකි. මන්ද අද වන විට අධ්‍යාපනය විද්‍යාවක් ලෙස වර්ධනය වි ඇත. අතිතයේ ඉතා ප්‍රාථමික අවධියක ගත කල මානව අධ්‍යාපන ෙක‍ෂත්‍රය වර්ථමානයේ පරිගණක මෙවලම් මතින් දැනුම සොයන මට්ටමක් දක්වා වර්ධනය වී ඇත.
එවන් වටපිටාවක් තුල අද අප නිදහස් අධ්‍යාපනය වු බිජය මෙලොවට බිහිවිම පිළිබඳව මදක් සිතිය යුතුව ඇත. ඒ පිිළිබඳව අප කතා නොකරන්නේනම් මහා ගුණමකු ජන කොටසක් වනු නිසැකය. 1948 වර්ෂයේ ඉංග්‍රිසී අධිරාජ්‍යවාදීනගෙන්  ඉංදියන් සාගරයේ මුතු ඇටයට නිදහස උරුම වීමත් සමග ඉතා කෙටි කලකින් දකුණු ආසියාවේ අධ්‍යාපනයේ නිජබීම ලෙස ලංකාව පත්වු බව නොරහාසකි. කෙසේවෙතත් එකි වටපිටාව බොහො කෙටි කලක් මත දියාරු වි යාම කණගාටුවට කරුණකී.

මෙලෙස ගොඩනැගුනු නිදහස් අධ්‍යාපනය කණකොකා හඩලන්නේ 1978 වර්ෂයේ පමණ පාලනයේ නියුතු රජයන් විසින් විවෘත ආර්ථීක සංකල්පය හදුන්වා දිමත් සමගය. මෙමගින් ගොඩනැගෙන රාජ්‍ය සංචිත විවිධාකාර වු බහු ජාතික සමාගම්වලට විකිණිම සිදුවිය. එහි ප්‍රථීපලයක් ලෙස 1982 වර්ෂයේ එවක පාලකයින් විසින් අධ්‍යාපන ධවල පත්‍රිකාව හරහා පුද්ගලික විශ්ව විද්‍යාල කරලියට ගෙනඒම තුලින් රාගම ප්‍රදේශයේ බිහිවන පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ලංකා ඉතිහාසයේ නිදහස් අධ්‍යාපනය කණපිට හැරවිමට සමත් වීමය.

මෙතැන් සිට අද වනතුරු නිදහස් අධ්‍යාපනය, විකිණෙන අධ්‍යාපනය බවට පත්වු බව නොරහාසකි. මන්ද ඈත ගම් දනව්වල වේලක් හැර වේලකින් කුස පුරවා ගනිමින්, කුප්පි ලාම්පුව දල්වා තම ඉගෙනීමේ හිමි පෙත්තට ඉගිලෙන්නට උත්සහ දරන අහිංසක දුවා දරුවා ට නිදහස් අධ්‍යාපනය උරුම නොවීම මෙතැන් පටන් ආරම්භ විය.

නිදහස් අධ්‍යාපනය රැක ගන්නවා වෙනුවට පාසල් හා විශ්ව විද්‍යාල පුද්ගලිකරණය විම හරහා අද වන විට මුදලට පමණක් යටවු අධ්‍යාපන ක්‍රම වේදයක් බිහිවි ඇත. පාසල් පවා අද පුද්ගලිකරණය වී ඇති බව නොරහාසකි. විශේෂයෙන්ම පාසල් අභ්‍යන්තරය තුල නිසි අධ්‍යාපනයක් සිදු නොකර ඇතැම් ගුරුවරුන් පුද්ගලික උපකාරක පංති හරහා සිය ධනය මත පමණක් පදනම් වූ අධ්‍යාපන ක්‍රමවේදයක් සැකසීමට ව්‍යත්න දරමින්් සිටි. මෙය පාසල් අධ්‍යාපනය පුද්ගලීකරණය විමේ එක් පියවරකී.

කලින් කලට පැමිණෙන රජයන් තම ස්ථාවරය රැක ගැනීම උදෙසා විවිධාකාර ක්‍රියාමාර්ග සිදු කිරීමට පෙලබේ. එහි එක් පියවරක් ලෙස මෑතකදී පාසල් ළමුන්ට ලබාදෙන නිළ ඇඳුම් ක්‍රමවේදය පවා වෙනස් කරමින් දෙමව්පියන් අපහසුතාවයට පත්කරමින් කූපන් ක්‍රමයක් හරහා නිළ ඇඳුම් ලබා දීමට පියවර ගැනීමය. මෙහි් ප්‍රථීපලය වන්නේ පාලකයාගේ බඩවියත වර්ධනය කර ගැනීම නොවේ ද. එපමණක් නොව පසුගිය රජයන් කරලියට ගෙනෙන ලද 05/2015 චක්‍ර ලේඛණය හරහා පාසල් තුල මුදල් අය කිරීම පිලිබඳ චක්‍ර ලේඛණය ඔස්සේ වර්ථමානයේ අහිංසක දුම්පත් දෙමව්පියන් දැඩි මානසික වදයකට ලක් කරමින් පාසල් තුල මුදල් අයකිරීම ජයටම කරන බව ඔප්පු වි හමාරය.

අද පිටිසර ගම් දනව්වල ජිවත්වන ඒදාවේල හරි හම්බකරන් ජිවිකාව ගෙනයන ජන කොටසක් පමණක් අපරට තුල බහුතරව දැකිය හැක. එකි මිණිසා තම දරුවා වෙනුවෙන් රිසිසේ මුදල් වියදම් කිරීමට නොහැකි තත්වයකට මුහුණපායි. වැදගත් වන්නේ බොහෝ පාසල්වල වාර්ෂිකව පහසුකම් ගාස්තු නොගෙවීම චෝදනාව මත පංතිය තුල සිසුවා දැඩිලෙස මානසිකව බලපෑම් එල්ල කිරීමට ගුරුවරයා කටයුතු කිරීමය. මේ කියන්නාවු මානසික පිඩනයෙන් මිදිමට කෙසේ හෝ මුදල් සොයා ගැනිමට දරුවා යොමු වී ඇති අතර එහි අනිසි ප්‍රථී විපාකයක් ලෙස දරුවා සොරකමට පවා යොමු වි ඇති බව පසුගිය වසර තුල දක්නට ලැබිය. මෙයට වග කිවයුත්තේ පාලනයේ නියුතු රජයන් නොවේ ද.

අධ්‍යාපනයේ තවත් වැදගත් ෙක‍ෂත්‍රයක් වු විශ්ව විද්‍යාල සේෂ්ත්‍රය ද ගැටලූ රුසක් නිර්මාණය කිරීමට වර්ථමාන සාක‍ෂි ඉදිරිපත් කරයි. විශ්ව විද්‍යාල ෙක‍ෂත්‍රය ද අද වන විට පුද්ගලිකරනයේ මාවතට පිය මනිමින් සිටි. මන්ද 1983 වර්ෂයේ ප්‍රථම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය රාගම ප්‍රදේශයේ බිහිවිමත් සමග තෘතීය අධයාපනයේ හෙවත් විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ පුද්ගලීකරණය විමේ මුලික පිඹුරුපත් සැකසිම ආරම්භ වේ. එය තවත් ඌග වන්නේ එකි විශ්ව විද්‍යාලයේ සිසු කණ්ඩායමක් 1989 වර්ෂයේ කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් සමගින් අධයන විභාගයට පෙනි සිටිමට එවකට රජයන් ව්‍යත්න දැරීමත් සමගය. විශේෂයෙන්ම පුද්ගලික විශ්ව විද්‍යාල මෙරට ස්ථාපිත කිරීම රජයට යලි හකුලා ගැනිමට හැකි වන්නේ විශ්ව විද්‍යාල ෙක‍ෂත්‍රයේ ඉහලින් සිපු සතර හැදෑරු දහස් සංඛ්‍යාත සිසු පරපුරක් රටට දැයට අහිමි කිරීමත් සමගින්ය. 

එපමණක් නොව අධ්‍යාපන පුද්ගලිකරණයේ තවත් ප්‍රධානතම පැතිකඩක් ලෙස 1987 වර්ෂයේ ඉදිරිපත් කල කිංස්ලි සිල්වා වාර්තාව වැදගත් වේ. එහි සඳහන් කරුණු වලින් සරසවි ප්‍රවේෂය සඳහා අවම ලකණු මට්ටම 180 සිට 200 දක්වා වර්ධනය කිරීම තුලින් පෙනි යන්නේ මෙම වාර්ථාව අධ්‍යාපනය පුද්ගලි කරණයට ගෙන එන ලද වාර්තාවක් වන බවයි. කෙසේවෙතත් මෙම වාර්තාවට එරහිව ගොඩනැගුණ ශිෂ්‍ය විරෝධතා හෙයින් මෙම වාර්තාවද නෙරපා දැමීමට සිදුවී ඇත.

මෙලෙස ගොඩනැගෙමින් පැවති අධ්‍යාපනය පුද්ගලිකරනය මෑත ඉතිහාසයේ ගැටˆ රැසක් නිර්මාණය කිරීමට සමත් වු විෂය පඨයක් ලෙස සයිටම් අර්බුදය අවිවාදයෙන් පිළිගත යුතුව ඇත. මන්ද මෙහි විශේෂත්වය වන්නේ සුදුසුකම් නොලත් වෛද්‍ය වරුන් බිහිකිරීමේ ආයතනයක් උදෙසා නිතියේ දෙවගන හෘද සාක‍ෂියෙන් තොරව ප්‍රථීචාර දක්වා ඇති බවකි. එය නිතියේ සාධාරණත්වය ද යන්න ඔබට මට සිිතිය යුතු කරුණක් නොවේ ද.

ඉදිරියේ දී, අධ්‍යාපනය හා උපාධිය දක‍ෂයින්ට හිමි නොවන අතර එය මුදල් මත පදනම් වු ධනයට යටත් වු  ධනපතියන්ට පමණක් උරුමවන බව මෑතකදි පසක් වි හමාරය. විශේෂයෙන්ම පුද්ගලික වෛද්‍ය විද්‍යාල පමණක් නොවමු මහත් සෞඛ්‍ය සේෂ්ත්‍රයම ධනය මත පාදක වු අනාගතයේ අහිංසක ජනතාවට මෙන්ම දුප්පත් දු පුතුන්ට අධ්‍යාපනයේ අඳුරු කාල වකවාණුවක් උරුම වනු නිසැක බව මේ වනවිට ඉදුරාම ඔප්පු වී හමාරය.

සටහන - චාමර එල්. කාරියවසම්

යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News