එම නඩුවේ දෙවැනි සැකකාර රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සමන්ත ලොකු හැන්නදිගේ මහතා රුපියල් 50,000 ක මුදල් හා රුපියල් ලක්‌ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ද මහෙස්‌ත්‍රාත්වරිය එහිදී නියෝග කළාය. සැකකරුට විදේශගත වීම වළක්‌වමින් නියෝගයක් ද නිකුත් කළ මහෙස්‌ත්‍රාත්වරිය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදෙන ලෙසත් වලංගු විදේශ ගමන් බලපත්‍රයක් නොමැති නම් දිවුරුම් ප්‍රකාශයක් මඟින් ඒ බව තහවුරු කරන ලෙසත් නියෝග කළාය.
එම සැකකරුගේ 12 හැවිරිදි දරුවා සැකකරු රක්‌ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුව දැඩි ලෙස මානසික පීඩනයකට ලක්‌ව ඇති බවත් පැවති මානසික රෝගී තත්ත්වය බරපතළ ලෙස වැඩිවී ඇති බවත් පෙන්වා දෙමින් මානසික රෝග විශේෂඥ වෛද්‍ය ජී. එස්. විඡේතුංග මහත්මිය විසින් ඉදිරිපත් කර තිබූ වෛද්‍ය වාර්තාව සලකා බැලූ මහෙස්‌ත්‍රාත්වරිය එම නියෝගය කළාය.
මහෙස්‌ත්‍රාත්වරිය (- ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අවසන් ද?
මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසයේ පොලිස් පරීක්‌ෂක සංජීව ප්‍රනාන්දු මහතා (- මූලික විමර්ශන අවසන් මැතිනියනි, ප්‍රධාන විමර්ශන නිලධාරි අනුර ප්‍රේමරත්න මහතා මේ වන විට විශේෂ විමර්ශනයකට විදේශගතවී සිටින්නේ.
ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා (- පරීක්‌ෂණ කඩිනම් කරන්න නියෝගයක් කරන ලෙස ඉල්ලා සිටිනවා. එක් එක්‌කෙනා රට ගිහින් එනතුරු අපිට හිර ගෙවල්වල ළගින්න බෑ.
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



