Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

ලෝක සාමූහික සමාජ වගකීම් සදහා වන (World CSR Day and CSR) සමුළුවේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සමාජ සංවර්ධනය සඳහා වූ දායකත්වය  වෙනුවෙන් Outstanding Contribution to Social Development සම්මානයට පාත්‍ර වුණා.

සමාජ සංවර්ධනය සඳහා අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලබාදෙන්නා වු උපායමාර්ගික නායකත්වය සහ දායකත්වය මුලු ‍ලොවට ම ආදර්ශයක් බවත්, විශේෂයෙන්ම ග්‍රාමීය මට්ටමේ සිට සමාජය වෙනස් කිරීම වෙනුවෙන් අමාත්‍යවරයා සතු උදාර නායකත්වය අගය කරන බවත්, එම දැනුම සහ අත්දැකීම් සෙසු රටවල් සමග හුවමාරු කිරීම වැදගත් වන හෙයින් මෙම සමුළුව සඳහා අමාත්‍යවරයාට ආරාධනා කළ බව World CSR Day and CSR සමුළුවේ නිර්මාතෘ ආචාර්ය ආර් එල් භාතියා මහතා සඳහන් කළා.

ඉන්දියාවේ මුම්බායිහි The Taj Land End හෝටලයේ දී පසුගියදා (2017-02-17 හා 18 දෙදින තුළ) පැවති මෙම සමුළුවට ආසියානු සහ යුරෝපීය රටවල් 84ක නියෝජිතයින් එක්ව සිටියා. මෙවර සමුළුවේ තේමාව වූයේ The Future of Profit is purpose යන්නයි.
තිරසර හා සමස්ත සංවර්ධනය සඳහා සමාජ වගකීම උදෙසා ආර්ථික වර්ධනය හා ව්‍යාපාර තිරසර සංවර්ධනය සඳහා සමාජ නවීකරණය, පිළිබඳ සිදුවිය යුතු සමාජ වෙනස්කිරීම් ආදී ක්ෂේත්‍රයන් සම්බන්ධව මෙම සමුළුවේ දී සාකච්ඡා කෙරුණු අතර,  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ‍මෙම සමුළුව අමතා සාමූහික සමාජ වගකීම් හා තිරසර සංවර්ධන අරමුණු (CSR and Sustainable Goals) මැයෙන් විශේෂ දේශනයක් ද පවත්වනු ලැබුවා.

මීට අදාළ ඡායාරූප

ලෝක තිරසාර සහ සාමූහික සමාජ වගකීම් සඳහා වන world CSR Day and world Sustainability ආයතනයේ නිර්මාතෘ ආචාර්ය භාතිය මහතා විසින් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත ‍මෙම සම්මානය ලබා දෙන අයුරු



අමාත්‍යවරයා මෙම සමුළුව අමතා විශේෂ දේශනය පවත්වන අයුරු සහ



මෙම වසරේ සම්මානලාභීන් සමඟ සාමූහික ඡායාරූපයකට පෙනී සිටි අයුරු


යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News