පසුගිව වකවානුව තුල ටෙලිකොම්, ලංකා විදුලිබල මණ්ඩල, ජල සම්ප්‍රාදන මණ්ඩලය, ලංකා ඛණිජතෙල් සංස්ථාව, යන ෙකෂත්‍ර වල මෙන්ම නිදහස් වෙළඳ කලාප හරහා ද මෑන් පවර් සේවක වහල් ක්‍රමය දැඩි ලෙස ව්‍යාප්ත වී ඇත. කෙසේවෙතත් වර්තමානය වන විට මෑන් ෆවර් වහල් ක්‍රමය ලංකා විදුලිබල මණ්ඩලය, ටෙලිකොම් හා ජල සම්ප්‍රාදන යන ෙකෂත්‍ර වල දැඩි අර්බුදකාරි ගැටˆ රැසක් නිර්මාණය කිරිමට සමත් වී ඇත. මොවුන්ගේ සේවයේ සුරකෂිත බාවය තහවුරු කිරීම රටක් පාලනය කරන පාලකයාගේ වගකීමක් නොවේ ද,
මන්ද පාලකයින්ගේ වැදගත්ම කාර්ය විය යුත්තේ තම රටේ ජනතාවට සේවය කිරීමය. නමුත් මේ මොහොත වන විට වර්ථමාන පාලකයා විසින් මෙකි අරමුණ පසක් වන්නේ ද යන්න අප සිතා බැලිය යුතුය. රටේ අනාගතය තීරණය කරන තරුණ පිරිස අද මහමග තුල අව් වැසි නොලකා තම සේවය ස්ථීර කරන ලෙස බලකරමින් අඛණ්ඩ අරගල ක්‍රියාත්මක කිරීම හුදෙක් පාලකයින්ට නොදැනෙන්නේය, එසේ අරගල කරන තරුණයාගේ ඉල්ලිම් සඳහා විසදුම් ලබා දීම වෙනුවට පාලකයාගේ ප්‍රථීපත්තිය වන්නේ කඳුˆ ගෑස් හා ජල ප්‍රහාර වලින් සංග්‍රහ කිරීම මෙන්ම අධිකරණ නියෝග හරහා සේවකයා මෙල්ල කරමින් ඔවුන්ගේ සේවක අයිතිය සුනුවිසුනු කිරීමය. එසේනම් මොවුන් පාලකයින් ලෙස පත්කල ඔබ ද වග කිවයුතු සේම ඔවුන්ගේ අනාගතය සම්බන්ධව තීරණය කිරීම සිතා බැලිය යුතුය.
විදුලි බල මණ්ඩලයේ මෑන් පවර් අර්බුදය.
මෑන් පවර් සේවක වහල් ක්‍රමය වර්ථමානය වන විට දැඩිලෙස අර්බුදකාරි වාතාවරණයකට පත් වු ෙකෂත්‍රයක් ලෙස විදුලිබල ෙකෂ්ත්‍රය සියˆ ජනකොටස් අවිවාදයෙන් පිළිගතයුතු කරුණකි. මීට වසර 10 කට පමණ පෙර විදුලි බල මණ්ඩලයේ විවිධ අංශ වල පවතින්නා වු පුරප්පාඩු හේතුවෙන් එකල පාලක පැලැන්තිය වසින් මෑන් පවර් සේවක ක්‍රමවේදය හදුන්වා දෙන ලදී. නමුත් එහිදි සේවක අසාදාරනකම් හේතුවෙන් ගොඩ නැගෙන විරෝධතාවයන් සඳහා විසදුම් ලබා දීමට පාලකයා මෙතෙක් සමත්වී නොමැති වීම විමතියට කරුණකී.
මෑන් පවර් සේවක වහල් ක්‍රමය ගොඩනැගිමට හේතුපාදක වු කරුණු දෙකක් අපට අවදාරණය කල යුතුව ඇත. එයින් මුලික වන්නේ අවම මුදලකින් වැඩි ශ්‍රම දායකත්වයක් සපුරා ගැනීමය, එමෙන්ම ස්ථීර සේවකයින්ට ලබාදිය යුතු දිරි දීමනා ඇතුˆ සියˆ පහසුකම් මෑන් පවර් සේවකයින්ට හිමි නොවීම අනික් කරුණ වේ. විශේෂයෙන්ම ලංකා විදුලි බල මන්ඩලයේ මෑන් පවර් සේවකයින් පසුගිය වකවානුව වන විට 2300 ක් පමණ පිරිසක් ස්ථීර සේවකයින් ලෙස පත්වීම් ලද නමුදු මෙහිි කණගාටුදායක කාරනය වන්නේ මෙම සේවක පිරිසට විදුලිබල මණ්ඩලයේ අයපත් කරු ෙකෂත්‍රයේ කිසිදු සේවකයකු ස්ථීර ලෙස පත්විම නොලැබිමය.
කේසේවෙතත් පසුගිය රජය විසින් 2014.11.21 වන දින විදුලි බල මණ්ඩල අමාත්‍ය ලේකම් වරයාගේ අත්සනින් යුතු ලිපියකින් සඳහන් කරන්නේ ඉදිරියේ දී, ලංකා විදුලිබල මණ්ඩලයට සමිබන්ධ මෑන් පවර් සේවකයින් සියˆම දෙනා ස්ථීර සේවකයින් ලෙස විදුලි බල මණ්ඩලයට අනුයුක්ත කරන බවකි. නමුත් මෙම අනුයුක්ත කිරීම එක්තරා පාර්ශවයක් සඳහා පමණක් සිදු වුවක් බවට විදුලි බල මණ්ඩලයේ අයපත් කරුවන් පමනක් ස්ථීර සේවකයින් ලෙස පත් නොකිරීම තුලින් පෙනී යන කරුණක් නොවේ ද.
මහින්ද පාලනයේ 2014.12.01 වන දින එවකට සිටි විදුලි බල මණ්ඩල සභාපති ඩබ්.බි ගනේපොල මහතා ගේ අත්සනින් යුතු ලිපියකින් පෙන්වා දෙන්නේ 2014.12.31 වන දිනට ප්‍රථම විදුලි බල මණ්ඩලයට සම්බන්ධ සියˆම මෑන් පවර් සේවකයින් ස්ථීර කරන බවකි. සේවකයින් ස්ථීර කිරීම වෙනුවට පාලකයින් සිදු කරනුයේ මෑන් පවර් සේවකයින් ලෙස සේවය කරන අයපත් කරුවන් 53 දෙනකු සේවයෙන් නෙරපා හැරීමකි. පසුව ගොඩනැගුණ සේවක විරෝධතා හේතුවෙන් 2014.12.09 වන දින විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ලිපියක් නිකුත් කරමින් දන්වා සිටින්නේ දින 180 සම්පූර්ණ වු සියˆම මෑන් පවර් සේවකයින් සිථීර කල යුතු බවකි. ඔවුන් ස්ථීර සේවකයින් ලෙස අනුයුක්ත කිරීමේ මුලික සුදුසුකම ලෙස පෙන්වාදෙන අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇති අතර වසර 10 ක් 12ක් පමණ සේවය කර ඇති සේවකයින්ද ස්ථීර සේවයට අනුයුක්ත නොකිරීම තුලින් පෙනී යන්නේ මෑන් පවර් සේවය යනු හුදෙක්ම මිනිස් ශ්‍රමය සූරා කෑමේ අරමුණින් යුතුව ගොඩ නැගුනක් පමණක් බවකි.
කේසේවෙතත් බොරු පොරොන්දු මතින් සිය බඩ වියත රැක ගැනීමේ උත්සහයක යෙදෙන අසික්කිත පාලකයා මෑන් පවර් සේවකයින් සියලුම දෙනා ස්ථීර සේවයට අනුයුක්ත කරන බවට වු මුසාවාද දොඩමින් යහපාලන ආණ්ඩුව බලයට පැමිණිය ද මේ දක්වා සේවකයාට නිසි විසදුමක් ලැබී නොමැත. ඒදාවේල හරිහමිබ කරන් සිය බඩ වියත රැකගන්නා දුප්පත් ජනයා තම නුපන් උපන් දරුවන් රැක ගැනීමේ මුලික අභිප්‍රාය කර ගනිමින් සිය සේවක අයිතීන් වෙනුවෙන් මැසිවිලි නැගුවද බීරින්ට වීණා ගායනා කරන්නාක් මෙන් පාලක පැලැන්තිය සිය ඉල්ලීම් කෙරෙහි කිසිදු විසදුමක් ලබා නොදීමට පියවර ගෙන ඇත. මේකි හේතුව සපත් කර ගනිමින් පසුගිය වර්ෂයේ මාර්තු මස 28 වන දින විදුලිබල මණ්ඩලයේ මෑන් පවර් සේවකයින් වැඩ වර්ජනයක් සමගින් මාසයකට ආසන්න කාලයක් අඛණ්ඩ උපවාසයක් ආරම්භ කරන ලදී. එය අවසන් වුයේ බොරු පොරොන්දු මතින් සිය ජීවිකාව සපත කර ගන්නා පාලකයින්ගේ තවත් බොරු පොරෝන්දුවක් සේවකයින්ට ලබා දීම හේතුවෙනි.
පසුගිය 2014 වර්ෂයේ මින් ඉදිරියට කිසිදු මෑන් පවර් සේවකයකු ලංකා විදුලි බල මණ්ඩලයට බඳවා නොගන්නා ලෙස සඳහන් ලිපියක් නිකුත් කල ද රාජ්‍ය අංශ වල පවතින්නා වු පුරප්පාඩු පිරවීම හා පාලකයා විසින් අඩු මුදලකින් වැඩි ශ්‍රම දායකත්වයක් සපුරා ගැනීමේ අධිඨණින් ලංකා විදුලි බල මණ්ඩලයට මෑන් පවර් සේවකයින් නැවතත් බඳවා ගන්නා ලදි.
නමුත් වර්ථමානයේ මෙකි සේවකයාගේ දුක්කිතම කාල පරිච්ඡේදය සනිටුහන් කරමින් ලංකා විදුලි බල මණ්ඩලයේ මෑන් පවර් සේවයට සම්බන්ධ අයපත් කරුවන් ලෙස සේවය කල 200 ක් පමණ වු සේවය ස්ථීර කිරීමට අවශ්‍ය මුලික සුදුසුකම් සපුරා ඇති සේවකයින් පවා 2016.12.31 වන දින මහ මගට ඇද දැමීම තුලින් පසක් වී ඇත. එතැන් සිට මේ මෙහොත දක්වා රැකියා අහිමි වූ සේවකයාට සිදුව ඇත්තේ කිසිදු පාලකයකුගේ අව්හරනක් නොමැතිව මහ මගතුල පීඩා විදීම පමණකී. විසදුම් දීම වෙනුවට පාලකයා අයිතින් ඉල්ලා කෑමොරදෙන සේවකයාට සිදුකරණුයේ අධිකරණ මගින් උසාවි නියෝග හරහා කම්කරු සේවකයා මෙල්ල කිීමකි.
ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනයේ මෑන් පවර් අර්බුදය.
ටෙලිකොම් ආයතනය තුල සේවය කරන මෑන් පවර් සේවකයා ද සේවය ස්ථීර කර ගැනීමේ අභිප්‍රායෙන් මහ මග තුල පීඩාවිදීම තවත් සිදුවීමකි. ටෙලිකොම් ආයතනය තුල ප්‍රවර්ධනය හා පාරිභෝගික අවශ්‍යතා ඉටු කිරීම වස් එස්.එල්.ටි හියුමන් කැපිටල් සොලූෂන් නැමැති මෑන් පවර් ආයතනය හරහා සේවය කරන දුප්පත් ජන කොටස් අද වන විට දැඩි ගැටˆ රාෂියකට මුහුණ දී ඇත.
අවස්ථා ගණනාවක දී සිය සේවකයින් ස්ථීර කර දෙන ලෙස ආයාචනා කරමින් ජනාධිපති තුමා සමග සාකච්ඡා කලද එයින් අදටත් ලද විසදුමක් නොමැත. එහි අවසන් ප්‍රථීඵලය වන්නේ ටෙලිකොම් මෑන් පවර් සේවකයින් පසුගිය වසරේ දෙසැම්බර් 26 වන දින සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් සමගින් උපවාසයකට අවතිර්ණ වීමය.
කෙසේවෙතත් ජනාධිපති ලේකම් විසින් 2016.12.27 වන දින සාකච්ඡාවක් පවත්වා දින 14 ක් ඇතුලත විසදුමක් ලබා දෙන බවට පොරෝන්දු වුවද විසදුමක් මෙතෙක් ලැබි නොමැත. මෙයින් පීඩාවිදින්නේ දුප්පත් අහිංසක මහජනතාව නොවේ ද. මන්දයත් 6000 ක් පමණ සේවය කරන මෙම ආයතනයේ 2000 ක් පමණ සේවය කරන්නේ මෑන් පවර් සේවකයන් වන අතර මොවුන් එදාවේල සොයාගන් ලබන්නේ දින පඩියට සිය ශ්‍රමය විකිණීමෙන් පසුවය.
රටේ දුප්පත් අහිංසක ජනතාව බොරුවෙන් මුලා කරමින් අහිංසක මහජනතාවගේ බදු මුදලින් පොෂණය වන අමන පාලකයින් රටේ බහුතර රාජ්‍ය අංශ කෙරෙහි මෑන් පවර් සේවක වහල් ක්‍රමය විශ බීජයක් ලෙස පතුරුවා හරිමින් සිටි. කෙසේවෙතත් දුප්පත් මිනිසුන්ගේ ධනය ශ්‍රමය හුරා කමින් වැජඛෙන්නාවු මෙවන් පාලකයින් සම්බන්ධව ඉදිරි තීරණය ඔබ විසින් ක්‍රියාවට නැන්විය යුතුව ඇත.
සටහන- චාමර එල් කාරියවසම්
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



