තවදුරටත් අදහස් දැක්‌වූ රාජපක්‍ෂ මහතා මෙසේ ද කීය.
අද ජනතාවට ජීවත්වීමේ අයිතිය ඇහිරී තියෙනවා. රජය සහල් සඳහා පාලන මිලක් ගැන කතා කරනවා. ඒ කියන මිලට ජනතාවට සහල් ලබාගැනීමට බැහැ. අද වෙළෙඳපොළේ සහල් කිලෝව රුපියල් සියයකට වැඩි වී තිබෙනවා. ඇත්ත එයයි. මත්තල ගුවන් තොටුපළ වී ගබඩා කිරීමට මේ රජය ගත්තා. අද මොකද වෙලා තියෙන්නේ?
රජය බලයට පත්වූ දා පටන් ජනතාවට දීපු සහනය මොකක්‌ද? පළාත් පාලන මැතිවරණ පවත්වන්නේ නැත්තේ රජය පරදින බව දන්න නිසයි. ජනතාවගේ අයිතීන් එකින් එක උදුරා ගන්නවා. රටේ සෑම තැනකම උද්ඝෝෂණ. රටේ පාලනය අවුල් ජාලයක් බවට පත්වෙලා. දිනෙන් දිනම බඩු මිල වැඩි කරනවා. දවසින් දවස මැතිවරණ කල් දමනවා. රජය කරන්නේ ඒ ටිකයි. අද නැත්නම් හෙට පළාත් පාලන මැතිවරණ එයි කියලා ජනතාව බලා ඉන්නවා. වෙන මොනවා කරන්නද?
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



