Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

ආනයනික සහල් හා දේශිය සහල් සදහා වෙනම පාලන මිලක් නියම කිරීම ජනාධිපතිවරයා විසින් ගත් තීන්දුව කැකිල්ලේ තීන්දුවක් යයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සදහන් කරයි. එම සංගමය විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය. 

ආනයනික සහල් හා දේශිය සහල් සදහා වෙනම පාලන මිලක් නියම කිරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව කැකිල්ලේ තීන්දුවක් සහල් සදහා පාලන මිලක් නියම කර තිබියදී අදාල නිතිය ක්‍රියාත්මක නොකර ආනයනික සහල් සදහා වෙනත් මිලකුත් දේශීය සහල් සදහා තවත් මිලකුත් නිකුත් කීරීමට ජනාධිපතිවරයා අද දිනයේ නිකුත් කල නියෝගය තමන්ගේ සහෝදරයට මෙරට සහල් පාරිභෝගිකයා ගස කෑමට ඉඩ දීමකි. 

මක්නිසාද යත් මේ වනවිට මෙරට සහල් මාෆියාවේ ප්‍රධානියා ලෙස හදුන්වන ජනාධිපතිවරයාගේ සහෝදරයා මෙහයවන පුද්ගලයෙක් විසින් සහල් ආනයන කර ඇති අතර පාරිභෝගිකයාට පහසුවෙන් හදුනා ගත නොහැකි නිසා ආනයනික සහල් දේශීය සහල් ලෙස වැඩි මිලට නිකුත් කිරීමට සැලසුම් කර ඇත. 

ජනාධිපතිවරයා මෙම ජාවාරම සදහා කෙළින්ම සහය ලබා දි ඇත. ජනාධිපතිවරයාගේ නියෝගය අනුව පාලන මිල දෙකක් සහල් සදහා ඉදිරිපත් කලහොත් අප විසින් අධිකරණයේ අවධානය යොමුකරන්නේ මෙරට සහල් සහ ආනයනික සහල් පාරිභෝගිකයා හදුනාගන්නේ කෙසේද යන්න බලධාරින්ගෙන් විමසන ලෙසයි. සහල් මාෆියාවට තවත් ඉඩ නොදී මෙරට සමස්ත පාරිභෝගිකයා රැක ගැනිම සදහා කටයුතු කරන ලෙස අප ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අතර නැතහොත් සහෝදර සමාගමට එරෙහිව අප සටන් කිරීමට පසුබට නොවන බව මතක් කරමු. රංජිත් විතානගේ සභාපති

යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News