ජනාධිපතිතුමා ඒ පැත්තේ හොරකම් ආරක්ෂා කරනවා අගමැතිතුමා මේ පැත්තේ හොරකම් ආරක්ෂා කරනවා | නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක
විශාල ප්‍රතිඵලයක් ලැබිලා තියෙනවා. මට මුලින්ම කතාකළේ මේ ප්‍රදේශයේ ඉන්න මාධ්‍යවේදීන් සහ සංවිධානවල පිරිසක්. මුතුරාජවෙල විනාශ කරනවා කියලා තමයි දැනගන්න ලැබුණේ. පාතාල නායකයන් ව්‍යාපාරිකයන් එකතුවෙලා ඉඩම් ගොඩ කරන්නේ. රජයේ ආයතනවල ප්‍රධානීන්ටත් මැදිහත් වෙන්න විදියක් නැහැ කියලා කීවා. ඒවාට විරුද්ධව කරන උද්ඝෝෂණයකට මට එන්න කියලායි ඉල්ලීමක් කළේ. මට කතාකළේ මාධ්‍ය ආවරණය ලබාගන්නයි. මම ආවොත් හයියක් ලැබෙනවා කියලායි ඒ අය හිතුවේ. මට ඒ මිනිස්සුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ.
මම ජනාධිපතිතුමාව දැනුවත් කළාම ගෝරි දාගන්න එපා කියලා මට යන්න අවසර දුන්නා. ජනතාව තමයි මට කතාකළේ. කට්ටිය මට හූ කිව්වා කියලා තමයි මාධ්‍යවල දැම්මේ. හැබැයි වැඩියෙන් හිටියේ අපේ අය. ඒ මැදිහත්වීමෙන් ඒක නැවැත්වුවා. මේක චේන් එකක් විදියට යන්නේ. පස්සේ මට අකරගම ජනතාව කතාකළා පස් කපලා ළිං හිඳිලා තියෙනවා කියලා. මම මාධ්‍ය ආයතනවල අයත් දැනුවත් කරලා ගියා. මම යන්න කලින් ප්‍රාදේශීය ලේකම්තුමියට කතාකළා. එතුමිය කාර්ය බහුලයි කියලා ආවේ නැහැ. ඉන් පස්සේ තමයි මම එතුමියට කෝල් කළේ. මම ලියුම කියෙව්වාට පස්සේ එතුමිය ඒක කට් කළා. ඒ නිසා තමයි ප්‍රශ්න ඇතිවුණේ.
මම ජනාධිපතිතුමාව දැනුවත් කළාම ගෝරි දාගන්න එපා කියලා මට යන්න අවසර දුන්නා. ජනතාව තමයි මට කතාකළේ. කට්ටිය මට හූ කිව්වා කියලා තමයි මාධ්‍යවල දැම්මේ. හැබැයි වැඩියෙන් හිටියේ අපේ අය. ඒ මැදිහත්වීමෙන් ඒක නැවැත්වුවා. මේක චේන් එකක් විදියට යන්නේ. පස්සේ මට අකරගම ජනතාව කතාකළා පස් කපලා ළිං හිඳිලා තියෙනවා කියලා. මම මාධ්‍ය ආයතනවල අයත් දැනුවත් කරලා ගියා. මම යන්න කලින් ප්‍රාදේශීය ලේකම්තුමියට කතාකළා. එතුමිය කාර්ය බහුලයි කියලා ආවේ නැහැ. ඉන් පස්සේ තමයි මම එතුමියට කෝල් කළේ. මම ලියුම කියෙව්වාට පස්සේ එතුමිය ඒක කට් කළා. ඒ නිසා තමයි ප්‍රශ්න ඇතිවුණේ.
ඊට පස්සේ තමයි රාජ්‍ය සේවකයන්ගේ වෘත්තිය සමිති දීපව්‍යාප්ත වර්ජනයකට යනවා කියලා තිබුණේ. ඉන් පස්සේ ජනාධිපතිතුමා කියලා තිබුණා පළමුවැනි වැරැද්ද කළේ නියෝජ්‍ය අමාත්‍යවරයාවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයවත් නෙවෙයි කියලා. ඊට පස්සේ වැරදි කළ නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරලා තිබුණා. ලොකු ප්‍රගතියක් තියෙනවා. මේ වෙද්දී ගොඩක් තැන්වල අනවසර පස් කැපීම් ආදිය නතර කරලා තියෙනවා. මීරිගම රඹුටන්වත්තේ කථානායකවරයාගේ නම විකුණමින් කරපු අනවසර ජාවාරමත් නවත්වලා තිබුණා. මම ස්තූතිවන්ත වෙන්න ඕනෑ මාධ්‍යවලට. විශේෂයෙන් හිරු නාලිකාවට. ඔවුන් මට ගහන්න එක දිගට මේක ගහලා තිබුණා. ඒ නිසා තමයි මේක ජාතික ප්‍රශ්නයක් බවට පත්වුණේ. අන්තිමට ප්‍රශ්නය සමාජගත වුණා.
රාජ්‍ය සේවකයන්ට නියෝජ්‍ය ඇමතිවරයෙක් බැණවැදීම හොඳ පූර්වාදර්ශයක් නෙවෙයි නේද?
ඒක ඇත්ත. දකින අය දකින්න ඇති. මගේ පෞද්ගලික ප්‍රශ්නයක් ගැන නෙවෙයි මම මේ කතාකළේ. මගේ වත්තක පස් කපන්න අවසරය ඉල්ලලා නෙවෙයි. මම ඇයි පාන්දර නැඟිටගෙන විල්පත්තු යන්නේ. මුතුරාජවෙල, අකරගම යන්නේ ඇයි. මම යන්නේ පොදු ප්‍රශ්නවලට. මම මළගෙවල්වල ගිහින් මුහුණ දාන කෙනෙක් නෙවෙයි. මම භාණ්ඩ බෙදාදෙන, ගොඩනැඟිලි විවෘත කරන කෙනෙක් නෙවෙයි. මම ජනතා සේවකයෙක්. මම යන්නේ පොදු ප්‍රශ්න ගැන කතාකරන්න. මම ජනතාවගේ නියෝජිතයෙක්. මම ඒ වෙලාවේ කතාකළේ ජනතාව වෙනුවෙන්. ඔබ එතැන හිටියා නම් ඔබටත් කේන්ති යනවා. පරිසරයට ආදරය කරන ඕනෑ කෙනෙක්ට කේන්ති යනවා. මම මුලින් ලේකම්තුමිය කියලා විනීතව කතාකළා. ගෞරවය දුන්නා. එහෙම කරද්දී ඇය දුරකථනය විසන්ධි කරලා තිබුණා. ජනතාවට මීටත් වඩා දරුණු ප්‍රතිචාර ඇය දක්වලා තිබුණා. ඒක හොඳ පුරුද්දක් නෙවෙයි. වගකීමකින් බැඳෙන්න, උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනෑ. මම ඊළඟ කෝල් එක ගන්නේ පීඩනයක් එක්ක. මම ජනතා සේවකයෙක්. මන්ත්‍රීධුරය මට වගකීමක් මිස ඔටුන්නක් නෙවෙයි. හැබැයි මට හිතුණා මට මෙහෙම ප්‍රතිචාර දක්වනවා නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සේවයක් ලබාගන්නට එන අහිංසක ජනතාව වෙනුවෙන් දක්වන ප්‍රතිචාරය මොකක්ද කියලා.
ඔබ ඊට කලින් විල්පත්තු ගැටලුවටත් මැදිහත් වුණා. ඇතැම් අය මේක ජාතිවාදී සටනක් බවටත් පත් කරගෙන. ඒ ගැන අදහස මොකක්ද?
මේ ප්‍රදේශවල සියලු වනාන්තරවලට කියන්නේ විල්පත්තු කියලා. විල්පත්තුව විනාශ වෙලා කියලා බොහෝ දෙනෙක් කීවා. විලත්තිකුලම් ප්‍රදේශයේ ඇතැම් තැන්වල කැලෑ සීමාව විනාශ වෙලා තියෙනවා කියලා ඇහැට පෙනෙන්න තියෙනවා. මම ජාතිවාදියෙක් නෙවෙයි. හැබැයි රිෂාද් බදියුදීන් ඇමතිතුමා විදේශ ආධාර අරගෙන මුස්ලිම් ජනතාව පදිංචි කිරීමට වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා කියලා පෙනෙනවා. සිංහල ජනතාව යළි පදිංචි කිරීම් ගැන අඩුවෙන් අවධානයක් යොමු කරලා තියෙනවා. හැබැයි ඥානසාර හිමියන්ගේ ජාතිවාදය මම ප්‍රතික්ෂේප කරනවා. මේ තත්ත්වය ගැඹුරින් දකින්න ඕනෑ කියලා මම හිතනවා. මම මෙතැන දකින්නේ රිෂාද් බදියුදීන් මහත්තයා තමන්ගේ ඡන්ද පදනම වැඩිකරගන්න උත්සාහ ගන්නවා කියලායි. මේ පදිංචිකිරීම් රජය හරහා හරියට සිද්ධවෙන්න ඕනෑ.
විල්පත්තුවේ සිංහල ගම්මානයක ඉන්න පිරිසක් සමඟ සිවිල් ක්‍රියාකාරිකයන් පිරිසක් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ සිදුවීම ඔබ දුටුවාද?
ඔව්, එතැනදී අපි තේරුම්ගන්න ඕනෑ හිරු නාලිකාවේ න්‍යාය පත්‍රය මොකක්ද කියන එක. ඔවුන්ගේ න්‍යාය පත්‍රය විල්පත්තුව බේරාගැනීම නෙවෙයි. හෙට ජනාධිපතිතුමා දුමින්ද සිල්වා මහත්තයාට ජනාධිපති සමාව දුන්නා නම් හෙට හිරු එක විල්පත්තු ගැන කතා කරන්නේ නැහැ කියලා මට සීයට සීයක් විශ්වාසයි. විල්පත්තු සිදුවීමට අදාළව නෙවෙයි, ලංකාවේ මාධ්‍ය ආයතන හැසිරෙන්නේ ඔය විදියට. හිමිකරුවාගේ පෞද්ගලික න්‍යාය පත්‍රය අනුව. මම දැක්කා ඒ ප්‍රදේශවල අවුරුදු හතළිහකට පණහකට කලින් හදපු මුස්ලිම් පල්ලි තිබුණා. ඒ ජනාවාසවල හිටපු අහිංසක මිනිස්සුන්ට ඉඩම් ලැබෙන්න ඕනෑ. හැබැයි මුස්ලිම් ජනතාවට වගේ සිංහල ගම්මානවල හිටපු අයටත් ලැබෙන්න ඕනෑ. ඒ අයිතිය නැතිකරන්න කවුරුත් කටයුතු කරන්න ඕනෑ නැහැ. මාධ්‍ය ආයතන මේවා පෞද්ගලිකව අරගෙන. එල්ටීටීඊයෙන් ගුටිකාපු මිනිස්සුන්ට එතැනදී තවත් ප්‍රහාරයක් එල්ලකළා මේ මාධ්‍ය. අහිංසක මිනිස්සුන්ව ප්‍රශ්න කරලා අමාරුවේ දානවා මිස කවදාවත් මාධ්‍ය මේ වගේ දේශපාලනඥයෙක්ව ප්‍රශ්න කරන්නේ නැහැනේ.
ඔබ නිතර මාධ්‍යවේදීන්ට කියන්න උත්සාහ කරනවා දේශපාලනඥයන්ගෙන් ප්‍රශ්න කරන්න කියලා. අපේ මාධ්‍යවේදීන් කෙළින් ප්‍රශ්න කළා නම් රටේ ඇතැම් ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ නේද?
චැනල් නයින් එකේ මැක්රේ කියන මාධ්‍යවේදියා මට මතක්වෙනවා. රොද්‍රිගු දුතාර්තේ කියන ඒකාධිපති නායකයාව ඔහු බය නැතිව ප්‍රශ්න කරනවා. මේ තමන්ගේ අතින්ම මිනීමැරුම් කරලා තියෙනවා කියලා ප්‍රසිද්ධියේ කියන කෙනෙක්. එවැනි නිර්භීත මාධ්‍ය කලාවක් ලංකාවේ තියෙන්න ඕනෑ. මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් කවුරුත් ජීවිතේට අහලා නෑනේ ඔබතුමා මිලියන අසූදෙකක් සුනාමි සල්ලි ගත්තා කියලා රන්ජන් රාමනායක චෝදනා කරනවා, ඒ ගැන මොකද කියන්නේ කියලා. සරත් නන්ද සිල්වා අගවිනිසුරුවරයාත් කිව්වා මහින්ද හිරගෙදර යවන්න තිබුණු සිදුවීමක් කියලා. එතකොට ඒක ප්‍රශ්න කරන්න පුළුවන්. හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මුණගැහිලා කොහෙද යන්නේ මල්ලේ පොල් ප්‍රශ්න අහන්නේ. ඔබතුමා පොහොට්ටුවෙන් එනවාද, ඔබතුමා විසිහත්වැනිදා නඟිනවාද, පළවෙනි වෙඩිමුරේද වගේ දේවල් විතරයි අහන්නේ. නාමල් රාජපක්ෂගෙන් චෝදනා ගැන ප්‍රශ්න අහන්නේ නැත්තේ ඇයි? එහෙම මාධ්‍යවේදීන් කවුද ඉන්නේ. මාධ්‍යවේදීන් කීදෙනෙක් විමල් වීරවංශගේ වාහන ලැයිස්තුවේ හිටියාද. දේශපාලනඥයන්ව ප්‍රශ්න කරන්න පුළුවන් වෙන්න ඕනෑ. මේ ලැබුණ මාධ්‍ය නිදහසෙන් ප්‍රයෝජන ගන්න දැනගන්න ඕනෑ.
දැන් ආණ්ඩුව කැබිනට් සංශෝධනයක් ගැන කතාකරනවා. ආණ්ඩුවේත් දූෂණ චෝදනා තියෙන අය ඉන්නවා නේද?
ඔව්, ආණ්ඩුවේ දූෂණ වංචා තියෙනවා. අපි බැඳුම්කර සිදුවීම ගැන පරීක්ෂණ කරන්න ඕනෑ. හැබැයි මතක තියාගන්න ඕනෑ ග්‍රීක් බැඳුම්කර, කොටස් වෙළෙඳපොළේ වංචා, හෙජින් ගිවිසුම වගේ සිදුවීම්. මේ ආණ්ඩුව අවුරුදු දෙකයි. අපේ කට්ටිය අතරේ ඉන්න හොරකම් චෝදනා තියෙන අය අවුරුදු දෙකයි කරලා තියෙන්නේ. හැබැයි එයාලා අනූහතරේ ඉඳන් හොරකම් කළ අය. ඒවා අමතක කරන්න බැහැ. එකේ ඉඳන් තමයි සීයට ගණන් කරන්න ඕනෑ. මෙයාලා කියන්නේ අනූවේ ඉඳන් සීයට ගණන් කරන්න කියලායි. දැන් ඒවා නවත්වන්න ඕනෑ. හැබැයි අරවා හොයන්නත් ඕනෑ. අපේ ආණ්ඩුවේ දූෂණ හෙළිදරව් කරන මහින්දානන්දගේ බිරිඳ දික්කසාද නඩුවේදී ලක්ෂ පණහක නඩත්තු මුදලක් මාසෙකට ඉල්ලනවා. නඩුකාරයා එහෙම දෙන්නේ කොහොමද කියලා ඇහුවාම බිරිඳ කෝටි ගණනක දේපළවල ලැයිස්තුවක් දෙනවා. ඒ වගේ සිදුවීම් අමතක කරලා බ්‍රෑන්ඞ්නිව් හොරුන්ව අල්ලන්න කියලා පොදු විපක්ෂය කියනවා. අපි බ්‍රෑන්ඞ්නිව් හොරුන්ව අල්ලන්න සිස්ටම් එක හදලා තියෙනවා. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, විගණකාධිපති දෙපාර්තමේන්තුව, කෝප් කමිටුව වගේ ආයතනත් තොරතුරු දැනගැනීමේ පනත වගේ පනත්වලිනුත් වෙනසක් කරගන්න පුළුවන්. පහුගිය දවස්වල අර්ජුන් මහේන්ද්‍රන්ව එක් පැත්තකින් ආරක්ෂා කරද්දී අනිත් පැත්තෙන් ඒකට විරුද්ධව කෑගහනවා දකින්න ලැබුණා. මේ ආණ්ඩුවේ වංචා මේ ආණ්ඩුවටම හොයාගන්න පුළුවන්. ඒකට හිටපු හොරු ඕනෑ නැහැ.
අභ්‍යන්තර ගැටලු එක්ක මේ ආණ්ඩුව රට ලොකු අර්බුදයකට ගෙනියන පාටක් පෙනෙනවා නේද?
එහෙම එකක් නැහැ. අභ්‍යන්තරයේ තියෙන ගැටලු ලොකු ප්‍රශ්න නෙවෙයි. ලංකාවේ තිබුණු ආණ්ඩුවලින් මේ තමයි මම දැකපු හොඳම ආණ්ඩුව. හැබැයි ජනතාවට වාසි ගොඩක් ලැබිලා තියෙනවා. නීතිය ක්‍රියාත්මක වෙනවා. හැබැයි පුංචි ගැටලු තියෙනවා. ජනාධිපතිතුමා ඒ පැත්තේ හොරකම් ආරක්ෂා කරන මට්ටමකට එනවා. අගමැතිතුමා මේ පැත්තේ හොරකම් ආරක්ෂා කරන මට්ටමකට එනවා. අඩු ගාණේ සමහර සිදුවීම්වලදී නිහඬව ඉන්නවා. ජනාධිපතිතුමාගේ කටින් එකපාරක් පැන්නානේ අල්ලස් කොමිසම ඔහුගේ පැත්තේ අයව විතරක් අල්ලනවා කියලා. අඬුලුහුඬුකම් තියෙනවා. බල ගැටුමක් නැතිවා නෙවෙයි.
වැලිකඩ ඝාතන සිදුවීම් ගැන වාර්තාව තියෙන්නේ අගමැතිවරයා ළඟ. ඔහු ඒවා යට ගහන බව පේනවා නේද?
මේක නම් මහදවල් සිදුවුණ මිනීමැරුමක්. ලොකු අපරාධයක්. මේකට වගකිවයුත්තේ කවුද කියලා ඔබේ පත්තරේ නම් වශයෙන් ලියලා තිබුණා. ඒ ගැන පියවරක් ගත යුතුමයි. ඉස්සරහට මම ඒ වැඬේ ගැන වැඩියෙන් කතාකරන්න බලාපොරොත්තු වෙනවා.
අනිත් පැත්තෙන් ජනාධිපතිවරයා මැදිහත්වෙන නිසා හමුදා නිලධාරීන් සම්බන්ධ අපරාධ පරීක්ෂණවලට බාධා සිද්ධවෙන බව පේනවා නේද?
මගේ පෞද්ගලික මතය තමයි කවුරු කළත් අපරාධ නම් අපරාධ කියන එක. ඕනෑම කෙනෙක් දඬුවම් ලබන්න ඕනෑ. පහුගිය දිනවල හමුදා නිලධාරියෙක් ගැබිණි බිරිඳකට ගහලා පණපිටින් වැළලුව කතාවක් අපි ඇහුවා. ඒ වගේ දෙයක් සම්බන්ධයෙන් රණවිරුවෙක්ව අත්අඩංගුවට ගන්න පුළුවන්. කමල් ගුණරත්න යුද්ධ කළා කියලා ඩීඑස් සේනානායක විද්‍යාලයේ සිසුවෙක්ට පහරදෙන්න අවසරයක් නැහැ. හමුදා සේවයට ගෙවලා තියෙනවා. ගෞරව සම්මාන ලැබිලා තියෙනවා. චීවරධාරියා, හමුදාව, දේශපාලනඥයන්, වෛද්‍යවරුන් නීතියට යටත්. කිසිකෙනෙක්ව ආරක්ෂා කරන්න බැහැ
තරිඳු උඩුවරගෙදර (රාවය)
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



