Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

වන අලි ප්‍රහාරවලින් මියයන පුද්ගලයන් වෙනුවෙන් ඔවුන්ගේ ඥතීන්ට ලබාදෙන වන්දි මුදල රුපියල් ලක්‍ෂ 2 සිට 5 දක්‌වා වැඩි කිරීමට පියවර ගන්නා බව තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කළාය.

ඊට අදාළ යෝජනාව තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය, ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් අමාත්‍ය මණ්‌ඩල අනුමැතියට ඉදිරිපත් කරන බවද ඇය සඳහන් කළාය.

මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ ආරක්‍ෂිත විදුලි වැටවල් ඉදිකිරීමේ කටයුතුවල ප්‍රගතිය සොයා බැලීම වෙනුවෙන් මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්‌වීමට ඉකුත් දා එක්‌වූ නියෝජ්‍ය අමාත්‍යවරිය එහිදී මෙම කරුණු අනාවරණය කළාය.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌ වූ ඇය මෙසේ ද කීවාය.

ආරක්‍ෂිත විදුලි වැටවල් නිසි පරිදි ඉදිකිරීම දැන් ක්‍රියාත්මක වෙනවා. අබලන්ව තිබෙන ආරක්‍ෂිත විදුලි වැටවල් කඩිනමින් අලුත්වැඩියා කිරීම, සත්ව මිනිස්‌ සංහිඳියාව වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහන ඇතුළු වැඩසටහන් ඊට ඇතුළත් වෙනවා.

වන අලි ප්‍රහාරවලින් මියයන කෙනකු වෙනුවෙන් මීට පෙර ලබාදුන් රුපියල් ලක්‍ෂයක වන්දිය රුපියල් ලක්‍ෂ 2 දක්‌වා වැඩි කිරීමට පියවර ගැනීමට පසුගිය වසරේදී හැකි වුණා. එම මුදල රුපියල් ලක්‍ෂ 5 දක්‌වා වැඩි කිරීමට අමාත්‍ය මණ්‌ඩලයේ අනුමැතිය ලැබුණු විගස එය ක්‍රියාත්මක කරනවා.

වන අලි ප්‍රහාරයන් හේතුවෙන් ජීවිත හානි සිදුවූ විට නිවාසවලට හානි සිදු වන විට වන්දි ලබාදීමේ කටයුතුවලදී යම් ප්‍රමාදයන් සිදුවන බවට පැමිණිලි ලැබී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඇමැතිතුමාගේත් මාගේත් විශේෂ අවධානය යොමු වුණා. වන්දි ලබාගැනීමේ කටයුතු පහසුවෙන් ඒ ප්‍රදේශවල ජනතාවට අදාල දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාල මගින් ලබාගැනීමේ වැඩසටහනක්‌ දැන් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාල මගින් එම වන්දි මුදල් ලබාගත හැකියි. ඒ සඳහා අදාළ පිරිස්‌ දැනුවත් කිරීම සඳහා වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ද උපදෙස්‌ ලබාදී තිබෙනවා.

නියෝජ්‍ය අමාත්‍යවරියගේ උපදෙස්‌ පරිදි ක්‍රියාත්මක මෙම වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක වන බව මෙම රැස්‌වීමට පැමිණි වනජීවී නිලධාරීහු පැවසූහ.

මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ වන අලි තර්ජන පවතින ප්‍රදේශවල තවත් කිලෝමීටර් 40 ක ආරක්‍ෂිත විදුලිවැටවල් ඉදිකරන ලෙසට ද තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය ඇමැතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය මෙහිදී උපදෙස්‌ ලබාදුන්නාය

-දිවයිව පුවත්පත (සුජීව තත්සර)

යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News