දුරකතන සම්බන්ධතාවක් මත මෙම සැකකරු පාසල් දැරිය සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති අතර ඉකුත්දා (23දා) සිට එම පාසල් දැරිය අතුරුදන්ව ඇති බවට ඇයගේ මවුපියන් විසින් හැටන් පොලිසියට පැමිණිලි කර තිබිණි. එම පැමිණිල්ල මත පරීක්ෂණ පැවැත්වූ පොලිසිය එම පාසල් දැරිය ඔහුගේ මිතුරකුගේ නිවෙසක නවත්වා සැකකාර තරුණයා කොටගල ප්‍රදේශයේ සැඟව සිටියදී ලද තොරතුරක් මත ඊයේ (13දා) අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පාසල් දැරියව ඉකුත්දා (7දා) එම තරුණයාගේ මිතුරකුගේ නිවෙසක සිටියදී එම මිතුරා සමඟ පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම පාසල් දැරියව නාවලපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර වෛද්‍ය වාර්තාවක්ද ලබාගෙන ඇත. ප්‍රධාන සැකකරු සන්තකයේ තිබූ යතුරුපැදියද සොයාගෙන ඇත. පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිරෝෂන් මහතාගේ මෙහෙයවීම යටතේ උප පොලිස් පරීක්ෂක මල්දෙණිය, පො.කො. නිශ්ශංක (62174), පො.කො. අප්සරා (2247), පො.සැ. විජේසිංහ (32163) යන නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.
මව්බිම-නෝර්වුඩ් - රිද්මි මිලින්දිකා
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



