Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ දෙවැනි වරටත් පැවැත්වූ සාකච්ඡා කිසිදු තීරණයකින් තොරව අවසන් වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවැසීය.

සයිටම් ගැටලුවට විසඳුමක් ලබා දෙනතුරු දැනට වෛද්‍ය සිසුන් සිය අධ්‍යයන කටයුතුවලින් බැහැරව සිටින බැවින් ඉදිරි වසරේ රජයේ රෝහල්වල සීමා වාසික වෛද්‍යවරුන්ගේ විශාල හිඟයක් ඇති වන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ හමුවේදී ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

සයිටම් වෛද්‍ය උපාධියට අධිකරණය මඟින් නීතිමය පිළිගැනීමක් ලබාදී ඇති බැවින් මේ සඳහා අධිකරණයෙන් විසඳුම් සෙවීමට නොහැකි බව එහිදී ජනාධිපතිවරයා විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට කරුණු පැහැදිලි කර දී තිබේ.

මෙහිදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා සහ මහාචාර්ය කොල්වින් ගුණරත්න යන මහත්වරු සයිටම් ආයතනය වෙනුවෙන් ජනාධිපතිවරයා ඉදිරියේ කරුණු පැහැදිලි කර දී ඇති අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම අවස්ථාවේදී එම මහාචාර්යවරුන් දෙපළට වෛද්‍ය වෘත්තියේ වගකීම පැහැදිලි කර දී තිබේ. එම අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන අතර ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් එය සමථයකට පත්ව තිබේ.
පැය දෙකක් පුරා පැවැති මේ සාකච්ඡාවේදී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මඟින් සයිටම් ගැටලුව සම්බන්ධයෙන් විසඳුම් දෙන ලෙස යෝජනා 3ක් ඉදිරි පත්කර ඇත.

01. වෛද්‍ය විද්‍යාවේ ප්‍රමිතිය අනතුරට ලක් කිරීම.
02. රාජ්‍ය වෛද්‍ය පීඨවල සිසුන් අධ්‍යාපන කටයුතුවලින් බැහැරව මහමඟට බැස තිබීම.
03. වංචනික ආයතනයක රැවටීමට ලක්වූ සිසුන්ගේ දුක් ගැනවිල්ලක් ඉදිරිපත් වීම යන කරුණුවලට විසඳුම් ඉල්ලා තිබේ.

එම අවස්ථාවේ ජනාධිපතිවරයා විසින් එයට විසඳුම් ලෙස ඉදිරිපත් කරන යෝජනා ඉදිරි සාකච්ඡා වටයේදී ඉදිරිපත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට දැනුම් දී ඇති අතර ඉදිරි සාකච්ඡා වටයකදී නැවත හමුවන තුරු තීරණයකින් තොරව එම සාකච්ඡාව නිමාවට පත්වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් නවීන් ද සොයිසා මහතා සඳහන් කළේය.

එම සාකච්ඡාව සඳහා උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇතුළු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා, සියලුම රාජ්‍ය වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරු, වෛද්‍ය පීඨ ආචාර්ය සංගමයේ නියෝජිතයන්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරිවරුන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන්, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයන් සහ සයිටම් ආයතනයේ නියෝජිතයන් සහභාගි වී ඇත.

යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News