Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

පාසල් මට්ටමෙන් පැවැත්වෙන ප්‍රධාන විභාග වන පහ වසර ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලට අදාළ ප්‍රතිඵල නිකුත් කිරීමේ දී එය වසරේ නිශ්චිත දින වකවානු තුළ සිදුකිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

පසුගිය කාලයේ දී ප්‍රතිඵල නිකුත් වීම ප්‍රමාද වීම හේතුවෙන් උසස් පෙළ සිසුන්ට වෙනත් රටවල විශ්ව විද්‍යාල පාඨමාලාවන් සඳහා ඉල්ලුම් කිරීමේ දී මතුවූ ප්‍රායෝගික අපහසුතා සලකා බලමින් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ප්‍රතිඵල නිකුත් කිරීමේ දී ඒ සඳහා නිශ්චිත දිනයන් යොදාගන්නා ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දී තිබුණා.

මේ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ, සෑම වසරක ම අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම දෙසැම්බර් 27 දින සිදු කිරීමටත් අ‍.පොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල මාර්තු 28 දින නිකුත් කිරීමටත් ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ඔක්තෝබර් මස 05 දින නිකුත් කිරීමටත් තීරණය කොට ඇති බවයි.  

මීට අමතරව 2019 වසරේ සිට  සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග දෙක ම වසර අවසානයේ පැවැත්වීමට අවධානය යොමුව ඇති බව ද සඳහන් කළ අමාත්‍යවරයා, පාසල් සිසුන්ගේ කාලය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් එම තීරණය ගැනීමට අදහස් කර ඇති බව ද සඳහන් කළා. ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වූ වහා ම හැකි ඉක්මණින් උසස් පෙළ පන්ති ආරම්භ කිරීම සඳහාත් උසස් පෙළ ප්‍රතිඵල හැකි ඉක්මණින් නිකුත් කොට විශ්ව විද්‍යාල ප්‍රවේශය කඩිනම් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

රජය විසින් ක්‍රියාත්මක කර ඇති ‘’ළඟම පාසල - හොඳම පාසල’ වැඩසටහන් යටතේ මානව සම්පත් සංවර්ධනය කිරීමට අදාළව අභිනවයෙන් ඉදිකෙරෙන ජයවර්ධනපුර කලාපයේ නව ගුරු මධ්‍යස්ථානයට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරවරයා මේ අදහස් පළ කළා. දිවයින පුරා ගුරු මධ්‍යස්ථාන 109ක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළෙහි පළමු අදියර යටතේ මුල්ගල තැබෙන 39 වැනි ගුරු මධ්‍යස්ථානය මෙයයි.



-ඉනෝක ජීවන් අබේසිරිවර්දන

යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News