පාතාල හා දරුණු ගණයේ සැකකරුවන් අධිකරණය වෙත ගෙන යෑම සඳහා වෙඩි නොවදින බස් රථ දහයක් සකස් කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා පැවැසීය.
එවැනි ආරක්ෂිත බස් රථ දෙකක් සකස් කිරීම සඳහා නාවික හමුදාවට භාරදී ඇති බවද එම බස් රථවල ආරක්ෂිත තත්ත්වය ඉහළ මට්ටමක පවතින්නේ නම් ඉතිරි බස් රථ සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඒ මහතා කීය.
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩී. එම්. ස්වාමිනාදන් මහතාගේ උපදෙස් අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවද මෙවැනි ආරක්ෂිත බස් රථයක් පසුගිය දිනවල බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් සකස් කළ බවද ඒ මහතා වැඩි දුරටත් පැවැසීය.
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



