Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

ලංකාවේ මිනිස්සු අනිත් අයට කතා හදනවා

මේ දවස්වල මොකද වෙන්නේ සුලේඛා..?

මේ දවස්වල විශ්ව අයියත් එක්ක අලුත් නාට්‍යයක රඟපානවා.

සුලේඛා ටික දවසක් පේන්න නොහිටියේ ඇයි..?

මම මගේ ඩිග්‍රි එක පටන්ගත්තා. බිස්නස් ඇන්ඩ් මැනේජ්මන්ට් ඩිගි්‍ර එක තමයි මම කරන්නේ. ඒ නිසා හොඳ වැඩක් හම්බවුණොත් තමයි සම්බන්ධ වෙන්නේ.

ඒ කියන්නේ හොඳ වැඩ සුලේඛාට ලැබුණේ නැද්ද..?

හොඳ වැඩ ලැබුණා. ඒත් මම පහුගිය කාලේ ලංකාවේ හිටියේ නැහැ. පැරිස් ගියා. ඩුබායි ගියා. ආයෙත් ළඟදි පැරිස් යනවා. ඉතිං ඒක නිසා ඒ ලැබුණු වැඩ කරන්න බැරි වුණා. ඒත් මේ දවස්වල රූගත කරන ටෙලි නාට්‍ය ඉදිරියේදී විකාශය වෙන්න තියෙනවා.

සුලේඛා නිතර නිතර විදේශගත වෙන්නේ පෙම්වතා එක්ක කියලා කියන්නේ ඇත්තද..?

අනේ ඒක බොරු කතාවක්. මම පෙම්වතා එක්ක විදේශ ගමන් යන්නේ නැහැ. මගේ වැඩවලට තමයි මම විදේශගත වෙන්නේ.

නිතරම විදේශගත වෙන කාරණය මොකක්ද කියලත් කියමු..?

මම ෂෝවලට තමයි විදේශගත වුණේ. ළඟදි පැරිස් යන්නේ ෆැෂන් ෂෝ එකක් විනිශ්චය කරන්න. මමයි තව කිහිප දෙනෙක්ම ලංකාවෙන් යනවා. ඩුබායි යන්නේ මගේ තාත්තා එහේ ඉන්න නිසා.

එතකොට සුලේඛාගේ පෙම්වතා ගැන කියන කතා බොරු කියලද කියන්නේ..?

ඔව්. එක එක කෙනා කියන කතා මට අදාළ නැහැ. පෙම්වතා විදේශගත වෙලා ඉන්න කෙනෙක් නෙවෙයි. මට එහෙම විශේෂ කෙනෙකුත් නෑ ඇත්තටම. එක එක අය එක එක කතා කියලා සතුටු වෙනවා ඇති. ඒත් මම ඒවා මොනාද කියලා හොයන්න යන්නේ නෑ.

සාමාන්‍යයෙන් විදේශ ප්‍රසංගවලට හොඳ ඉල්ලුමක් හැදෙන්නත් ක්ෂේත්‍රයේ කාලයක් ඉන්න ඕන. ඒත් සුලේඛාට කෙටි කාලයක් ඇතුළේ චාන්ස් ගොඩක් ලැබිලා නේද..?

ඔව්. ඒක මගේ වාසනාවට ලැබුණ අවස්ථා කියලත් හිතන්න පුළුවන්.

කාලයක් සුලේඛා මාධ්‍ය මඟහැරියේ ඇයි..?

එහෙම මඟහැරීමක් නැහැ. ෂූටින් හිටියොත් මට ෆෝන් එක ආන්සර් කරන්න වෙන්නේ නැහැ. ඒ වගේම මගේ ෆෝන් නම්බර් එක ලීක් වෙලා තිබ්බා. ඉතිං මම දන්නේ නැති නම්බර්ස්වලට ආන්සර් කළේ නැහැ. නැතුව මාධ්‍ය මඟ හැරියා නෙවෙයි.

හැබැයි සමහරු කියන්නේ සුලේඛා දැන් ගණන් උස්සනවා කියලා..?

මම කාටවත් ගණන් උස්සන්නේ නැහැ. මම ඕන කෙනෙක් දැක්කොත් කතා කරනවා. ඉස්සර හිටිය විදිහටමයි මම තාමත් ඉන්නේ. මොකද අපි ඉන්නේ අපේ ප්‍රේක්ෂකයෝ නිසා. ඒ නිසා මම ලොකු ඔළුවෙන් ඉන්නේ නැහැ.

අධ්‍යාපන කටයුතුවලට වැඩි බර දීලා තියෙන්නේ රංගනයෙන් සමුගන්නද..?

රංගනයෙන් සමුගන්නේ නැහැ. මම පෞද්ගලික චරිතයට හානියක් නොවෙන හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙනවා. මගේ අම්මා බැංකු නිලධාරිනියක්. ඉතිං එයා කැමැතියි මම ඉගෙන ගන්නවට. ඉගෙන ගන්නා දේ හැමෝටම වැදගත්නේ.

මියුසික් වීඩියෝ කරන්නෙත් තෝරලා බේරලද..?

ඔව්. මම ඵබධපර එක අහලා තමයි සම්බන්ධ වෙන්නේ. මම හදාගෙන ඉන්න තැනට ගැළපෙන්නේ නැත්නම් මම වැඩ කරන්නේ නෑ. ඒ වගේම මගේ ගාණට ආවේ නැත්තම් මම ඒ වැඩේ භාරගන්නෙත් නැහැ.

ඉදිරියේදී නවතින්නම බලාගෙන විදේශගත වෙන්න ඉන්නවා කියන්නේ ඇත්තද..?

තව අවුරුදු දෙකකින් විතර මම විදේශගත වෙනවා මගේ ඩිග්‍රි එක කම්ප්ලීට් කරන්න. ඒ ගියාම එහේ නවතින්නම තමයි හිතාගෙන ඉන්නේ. හොඳ වැඩකට ලංකාවෙන් ආරාධනා ලැබුණොත් ඇවිත් කරලා යනවා.

ලංකාවෙන් යන්න තීරණයක් ගත්තේ ඇයි..?

මම ලංකාවට ගොඩක් ආදරෙයි. හැබැයි ලංකාවේ මිනිසුන්ගේ ආකල්පවලට මම කැමැති නැහැ. මම ගොඩාක් හැදුණේ පිටරටවල. ඒ රටවල අයට අනිත් අය අඳින විදිහ හොයන්න, කතා හදන්න වෙලාවක් නැහැ. හැබැයි ලංකාවේ මිනිස්සු අනිත් අය ගැන හොයනවා, කතා හදනවා. මම ඒවට කැමැති නැහැ. ලංකාවේ සියයට අනූනවයයි දශම නවයක්ම ඉන්නේ මූණට හිනාවෙලා පිටිපස්සට ගිහින් ඇද හොයන මිනිස්සු.

පහුගිය කාලේ සුලේඛාට ගොසිප් සයිට්වලින් මඩ ගහපු නිසාද ලංකාවේ මිනිස්සු ගැන කලකිරිලා තියෙන්නේ..?

නැහැ. මේ හැඟීම මට පොඩි කාලේ ඉඳන් තිබුණ දෙයක්. ගොසිප් ගැහුවත් අනෙක් අය මොනවා කිව්වත් මම ගණන් ගන්නේ නැහැ. මම මං ගැන දන්නවා. කාගෙන්වත් මම යැපෙන්නේ නෑ. ඒ නිසා මට ඔය ගහන මඩ අදාළම නැහැ.

යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News