දින ගණනාවක් නිරාහාරව සිටීම හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්වය දැඩි ලෙස පිරීහී ඇති බව අධිකරණයට දැනුම් දුන් බන්ධනාගාර රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා ඔහුගේ සෞඛ්‍ය තත්වය නඟා සිටුවීම සඳහා තම නිලධාරීන් පියවර ගන්නා බවද දැනුම් දී තිබිණි.
හිටපු නියෝජ්‍ය අමාත්‍ය මයොන් මුස්තාපා මහතාට එරෙහිව අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුවකට අදාළව සාක්කි ලබාදීමට අධිකරණයේ පෙනී සිටින ලෙස වීරවංශ මහතාට සිතාසි නිකුත් කර තිබිණි.
මෙම නඩුව ජුනි 15 වැනිදා යළි කැඳවීමට විනිසුරුවරයා නියෝග කළේය.
2010 ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වු හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ජාතික නිදහස් පෙරමුණේ සහය ලබා ගැනීමට එම පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතාට රුපියල් ලක්‍ෂ 42ක අල්ලසක් ලබාදීම ඇතුළු චෝදනා මත මෙම නඩුව පවරා ඇත.
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



