මීතොටමුල්ල ප්‍රදේශයේ පසුගියදා සිදු වූ ආපදාවෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණයකට අනුව අවශ්‍ය පියවර ගැනීමට මුදල් අමාත්‍යාංශය විසින් දැනටමත් කටයුතු කර ඇත.
මෙම රජය බලයට පත්වීමෙන් පසුව 2016 වසරේදී ස්වාභාවික විපත් හේතුවෙන් ආපදාවට ලක්වන ජීවිත හා දේපල හානිවලට වන්දි ලබාදීමේ ප්‍රගාමී (PROACTIVE) පියවරක් ලෙස ජාතික අක්ෂණභාර අරමුදල හරහා මුළු රටම ආවරණය වන පරිදි රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදෙන ලදි. මේ හේතුවෙන් විපතට පත්වූවන්ට පහසුවෙන් වන්දි ලබා දීමට රජයට හැකිව ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේය.
මීතොටමුල්ල විපතෙන් පසුව අවතැන්ව සිටින ජනතාවට පිසූ ආහාර ලබාදීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදී ඇති අතර අවදානම් තත්වයේ පවත්නා නිවාස නැවත සාදා දීමට හෝ විකල්ප ස්ථානවල පදිංචි කරවීමට ද රජය විසින් කටහුතු කරනු ඇත.
මුළුමනින්ම විනාශ වූ නිවාස වෙනුවෙන් එම නිවාස ලාබීන්ගේ කැමැත්ත අනුව කොළඔ නගරයේ ක්‍රියාත්මක මහල් නිවාස ව්‍යාපෘතියේ නිවාස ලබාදීමට කටයුතු කළ හැකියැයි මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් මේ පිළිබඳ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්පැවති සාකච්ඡාවේදී පවසන ලදි.
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



