මීතොටමුල්ල බස් ඩිපෝව අසල සැකසූ අට්ටාලයක මළ සිරුරු හයක් තැන්පත් කර ඇති අතර මළ සිරුරු දෙකක් යාබද නිවසක තැන්පත් කර තිබේ.
එම මළ සිරුරු කොලොන්නාව පුරාණ රජමහා විහාරයට රැගෙන ඒමට නියමිතව තිබූ නමුත් මළ සිරුරු ගමට ගෙන ආ යුතු බව කියමින් මිය ගිය අයගේ ඥාතීහු විරෝධය දැක්වූහ.
තුවාල ලැබූ 11 දෙනෙක් මේ වන විට රෝහල් ගත කරනු ලැබ සිටිති. අතුරුදන් වූ ගණන පිළිබඳ කිසිදු වගකිව යුතු ආයතනයක් මේ වන තෙක් ප්‍රකාශයක් කර නැත.
පූර්ණ හානි නිවාස 145ක් තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.තවදුරටත් අවදානම් නිවාස හඳුනාගෙන එහි පිරිස් ඉවත් කිරීමට වැඩ පිළිවෙලක් සකස් කරමින් සිටින බව එම මධ්‍යස්ථානය පවසයි.
මුලාශ්‍රය - දිවයින
මුලාශ්‍රය - දිවයින
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



