දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු 1074 විසින් විමර්ෂණය කෙරෙන වැඩිහිටි දිවාසුරැකුම් මධ්‍යස්ථාන 1074 ක් 2017 වර්ෂය අවසන් වන විට ආරම්භ කිරීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.
සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ සංකල්පයක් අනුව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් නීල් බන්ඩාර හපුහින්න මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිමට අදහස් කර ඇති බව ඊයේ (18) සමාජ සේවා දෙපාර්තමේන්තුවේදී පැවති උත්සවයකදී ආනාවරණය විය.
සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසු සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබූ මෙම උත්සවයේදී සේවක සේවිකාවන් ඇමතූ අමාත්‍ය එස්.බී දිසානායක මහතා පැවසුවේ වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථාන ව්‍යාපෘතිය මෙම වසරේ කෙසේ හෝ ක්‍රියාත්මක කරන බවයි.
වැඩිහිටි දීමනාවෙන් රු.100ක් සමාජ ආරක්ෂණ අරමුදලට බැර කර ඇති කරන ලද අරමුදල් මඟින් මෙම දැවැන්ත ව්‍යාපෘතිය ආරම්භ කරන බවත් එහි පූර්ණ අධීක්ෂණය සමෘද්ධි ජනරාල්වරයාට පවරන බව අමාත්‍ය දිසානායක මහතා පෙන්වා දුන්නේය.
මෙම වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයකම ගෘහස්ථ ක්‍රීඩා පහසුකම්, වෛද්‍ය පහසුකම්, ආහාරපාන පහසුකම් සහිතව වැඩිහිටියන් හට දිවා කාලය සතුටින් ගත කිරීමේ පහසුකම් ඇති කරන බව අමාත්‍ය දිසානායක මහතා සඳහන් කළේය.
මෙම උත්සවය සඳහා සමාජ සේවා අධ්‍යක්ෂ ප්‍රදීප් යසරත්න ,වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ සුවින්ද සිංගප්පුලි, අමාත්‍යාංශ අතිරේක ලේකම් සමන් උඩවත්ත යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරිහු විශාල පිරිසක් එක්වූහ.
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



