මීටර් 100 ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන හිමාෂ ඒෂාන් මෙම වසරේ වේගවත් ම කාලය වාර්තා කිරීමට සමත්විය.
ජැමෙයිකාවේ පුහුණුවීම් කරන හිමාෂ අද පැවති යූටෙක් ක්ලැසික් ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියට එක්වෙමින් 6 වන ස්ථානයට පත්වූයේ තත්පර 10.29 ක කාලයක් වැය කරමිනි.
මෙම තරගයට ඔලිම්පික් ශූර යොහාන් බ්ලේක් ද සහභාගී වුවත් ඔහුට හිමිවූයේ 8 වන ස්ථානයයි.
සාර්නෙල් හියුස් 10.08 ක කාලයකින් ජය වාර්තා කිරීමට සමත්විය.
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



