ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඊයේ (11) යුග දිවියට එළඹුණි. ඔහුගේ අතගත් මනාලිය වූයේ බොලිවුඩ් නිලි අනුශ්කා ශර්මාය.
ඉතාලියේ මිලානෝ නුවර හින්දු සාම්ප්‍රධානුකූලව පැවැති විවාහ මංගල්‍යය සඳහා පවුලේ ඥාතීන් ඇතුළු සමීපතමයන් සීමිත පිරිසක් පමණක් එක්ව සිටි අතර ලබන 21 වෙනිදා ඉන්දියාවේ නවදිල්ලි හිදී විවාහ මංගලෝත්සවයක් පැවැත්වීමට නියමිතව තිබේ.
මේ දිනවල ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ තරඟ වදින ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සඳහා විරාත් කෝලි සහභාගී නොවූ අතර පසුගිය දා පැවැති මුල්ම එක්දින තරඟයේ දී ඉන්දීය කණ්ඩායම කඩුලු 07 කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා පිළ සමත් විය.

යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...