ඇය දෙදරු මවකි රූපලාවන්‍ය කෙරේ දැඩි ඇල්මක් දැක්වූ තැනැත්තියකි. ඒ නිසාම ඇය නගරයේ පැවති රූපලාවන්‍ය පන්තියකට ඇතුළත් වූවේ ඒ පිළිබඳ වැඩිපුර දැන ඉගෙන ගන්නටය. දින සති මාස ගණන් ගෙවී යද්දී ඇය රූපලාවන්‍ය සම්බන්ධ බොහෝ දේ ඉගෙන ගත්තාය. ඒ අතර වූ කෙස් වර්ණ කිරීම ගැනද ඇය ඉගෙන ගත්තේ දැඩි උනන්දුකින්ය.
ඒ තමාට මෙන්ම සැමියාටද එය බොහෝ ප්‍රයෝජනවත් යැයි සිතූ නිසාය. ඉරිදා දිනයකි. සාලයට වී රූපවාහිනිය නරඹමින් සිටි සැමියාට ඇය අපූරු යෝජනාවක් ගෙනාවාය. “මට අහවල් ඩයි එක ගෙනත් දුන්නොත් මම ඔයාගේ කොණ්ඩේ කළු කරලා දෙනවා“ ඇය කීවාය. ඔහු යතුරු පැදියේ ඉගිලී ගොස් මිනිත්තු කිහිපයකින් නිවසට ආවේ බිරිය පැවසූ ඩයි පැකට් එකට දෙකක්ම රැගෙනය.
තමන් උගත් සියලු ශිල්ප දක්වමින් බිරිය ද සැමියා ඉදිරියේ සිය දස්කම් දැක්වූවේ ඒ ගැන ඔහු නොදත් බොහෝ දේ ඔහුටද කියාදෙන අතරේය. අවාසනාවකි. සත්කාරය අවසානයේ සැමියාට හොඳ සිහියෙන් ඉන්නට ලැබුණේ මිනිත්තු කිහිපයකි. කන සහ බෙල්ලට ඉහළින් මතුවූ දැවිල්ල සහ කැසිල්ල හිස පුරා පැතිර යන්නට ගත වූවේ මිනිත්තු කිහිපයකි. මුහුණ ඉදිමී තඩි ගැසෙද්දී හොල්මන් වූ බිරිය අධාර ඉල්ලා කෑ ගසන්නට පටන් ගත්තේ වැලහින්නක පරිද්දෙනි. සිද්ධිය ඇසී නිවසට දිව ආ අසල්වැසි නිවසේ ගුරුවරිය දුන් උපදෙස් මත වහාම රෝහල් ගත කෙරිණි. ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරු ඔහුට ඩයි වර්ගය ඇලජික් වී ඇතැයි කීවෝය. දැන් ඔහු රෝහලේය.
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



