Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

මේෂ ලග්නය

අද දිනයේදී ඔබගේ අධ්‍යාපනික කටයුතු තරමක් අඩාල වන ආකාරයක් දක්නට ලැබෙනවා. එනිසා අද දිනයේදී ඔබ ඒ පිළිබඳව වැඩි අවධානයකින් කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. කාර්යබහුල ස්වභාවය නිසා සකස් කරගත් සැලසුම් මදක් වෙනස් වන ආකාරයක් දක්නට ලැබෙනවා.

වෘෂභ ලග්නය

අද දිනයේදී ඔබ ගෘහාශ්‍රිත කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයක් ලබාදී කටයුතු කරන්නට උත්සාහ කරනවා ඇත. නමුත් අද දිනයේදී ඔබට ගෙදරදොර ආරවුල් පවා ඇති වන්නට හැකියාවක් පවතිනවා. අන් අය සමග නම්‍යශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ඉතාමත්ම වැදගත්.



මිථුන ලග්නය

අද දිනයේදී ඔබ වික්‍රමාන්විත ලීලාවෙන් කටයුතු කරන බවනම් අනිවාර්යෙන්ම කිව යුතුයි. ඔබ ඔබගේ මතය තුලම රැඳී සිටින්නට උත්සාහ දරනවා ඇත. මේ නිසා ඔබට උදවු උපකාර කරන්නට පෙළඹෙන පිරිස් අවසානයේදී ඔබ පිළිබඳව කලකිරීම් ඇති කරගැනීමටද හැකියාවක් පවතිනවා.

කටක ලග්නය

අද දිනයේදී ඔබට බොහෝ කටයුතු සාර්ථකව ඉටු කරගැනීමට හැකියාවක් පවතිනවා. ගෘහාශ්‍රිත කටයුතු සහ මවු පාර්ශවය ආශ්‍රිත කටයුතු මෙන්ම ප්‍රේමනීය කටයුතු ඉතාමත්ම පහසුවෙන් සාර්ථක කරගැනීමට හැකියාවක් පවතිනවා. අනවශ්‍ය කටයුතු වලට අතපෙවීම එතරම් සුදුසු නැහැ.

සිංහ ලග්නය

ඔබ අද දිනයේ උදෑසනම කටයුතු සැලසුම් කරගැනීම ඉතාමත්ම වටිනවා. උදෑසන කාලපරිච්චේදයේදී යහපත් ප්‍රතිඵල උදාපත් කරගැනීමට හැකියි. ඔබට අනවශ්‍ය ගමන් බිමන් බොහොමයක් අද දිනයේදී ඇති වීමට ඉඩ ඇති බැවින් තරමක් සැලකිලිමත්ව කටයුතු සම්පාදනය කරගන්න.

කන්‍යා ලග්නය

අද දිනයේදී සියුම් ක්ෂේත්‍ර වල නිරත වන කන්‍යා ලග්න හිමියන්ගේ කටයුතු පහසුවෙන් සාර්ථක කරගැනීමට හැකියාවක් පවතිනවා. අලුත් ආකාරයේ අදහස් පහල වීමටද හැකියාවක් පවතිනවා. වෙනස් ආකාරයේ මත අද දිනයේදී ඔබ ඉදිරිපත් කරනු ඇත. පරිනත ආකාරයෙන් කටයුතු කරයි.

තුලා ලග්නය

ඔබ අතගහන බොහෝ කටයුතු පිළිබඳව යම් ආකාරයක සැකයක් ඇති වීමට ඉඩකඩක් පවතිනවා. මනසත් නිරන්තරයෙන්ම වෙනස් වන නිසා කෙලින් තීන්දු තීරණ ගන්නට නොහැකි පුද්ගලයෙක් බවට ඔබ අද දිනයේදී පත් වනවා. සැලසුම්සහගත වීම ඉතාමත්ම වැදගත්.

වෘශ්චික ලග්නය

අද දිනයේදී ඔබ සිතින් මනසින් වෙහෙස වන දවසක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්. ඔබගේ ආර්ථිකය පිළිබඳව අනියත බිය සංකා ඇති වී, මනසට යම් පීඩාකාරී තත්වයක් ඇති වන්නටද පුළුවන්. අද දිනයේ සවස් භාගය වන විට ඔබට සාර්ථක තත්වයක් උදා කරගැනීමට හැකියාවක් උදාපත් වේවි.

ධනු ලග්නය

අද දිනයේදී ඔබ කෙතරම් කාර්යබහුල වුවත් ඔබ උත්සාහ කරනුයේ සිනාසී කටයුතු කරන්නටයි. එය අද දිනයේදී ඔබගේ ජයග්‍රහණයේ සංකේතය වන්නේද එයම බව අමතක කරන්නට එපා. අද දිනයේ ඔබට සෙම් රෝග ඇති වීමට හැකියාවක් පවතිනවා. සැලකිලිමත් වන්න.

මකර ලග්නය

අද දිනය තුල ඔබට ඥාණ ශක්තිය වර්ධනය කරගැනීමට පුළුවන්. මවු පස කටයුතු සහ කාන්තා පාර්ශවය සමග අද දිනයේදී ඔබ කරන කියන කටයුතු සාර්ථක වනු ඇත. අද දිනයේදී ඔබ වටා ගුප්ත ශක්තියක් එකතු වෙනවා මෙන්ම ඔබ රහසිගත කටයුතු වෙත යොමු වනවා. ප්‍රේමය ට බාධා ඇත.

කුම්භ ලග්නය

අද දිනයේදී සතුරුකාරි, ඔබ අකමැති පරිසරයක කටයුතු කරන්නට කුම්භ ලග්න හිමි ඔබට සිදු වනු ඇත. නමුත් ඒ පරිසරය තුල ඔබට අවේනික වූ ආකාරයෙන් කටයුතු කරන්නට ඔබ උත්සාහ දරනු ඇත. දවස පුරාම ඉවසීම සහ උපේක්ෂා සහගත බව පවත්වාගැනීම ඉතාමත්ම වැදගත්.

මීන ලග්නය

අද දිනයේදී ඔබ තරමක් සැනසිලිදායක ආකාරයකට කටයුතු කරනවා ඇත. එමෙන්ම ආගමික කටයුතු වෙනුවෙන් වැඩි ආකාරයෙන් ඔබ නැඹුරු වනවා ඇත. අන් අය සමග සහයෝගයෙන් කටයුතු කරන්නට ඔබ ඔබගේ උපරිම උත්සාහය යොදවනු ලබන දිනයකි අද දිනය.

යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News