Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව


මේෂ ලග්නය

අද දවසේ ඔබට සෞඛ්‍ය පිඩා හේතුකොටගෙන දවසේ කටයුතු වලට බාධාකාරී තත්වයක් මතු වන්නට පුලුවන්. ඒ නිසා ඔන්න උදෑසන සිටම සුළු අසනීප තත්වයකදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම ඉතාමත්ම වැදගත්. කාන්තා පාර්ශවයන් සමග කරනු ලබන කටයුතු වලදී සැලකිලිමත් වන්න.

වෘෂභ ලග්නය

අධ්‍යාපන කටයුතු වල නිරත වී සිටින වෘෂභ ලග්න හිමියන්ට අද දිනය තුල යහපත් ප්‍රතිඵල උදාපත් කරගන්නට හැකියාවක් පවතිනවා. තරඟ විභාග සම්මුඛ පරීක්ෂණ වලින් ඔබට යහපත් ප්‍රතිඵල උදාපත් කරගන්නට හැකියාවක් පවතිනවා. අද දවසේ ඔබට ජයග්‍රහණ ඒකාන්තයෙන්ම ලබාගැනීමට හැකියාව පවතිනවා.



මිථුන ලග්නය

අද දිනයෙදි ඔබට ගජ කෙශරී නමැති යෝගයක් උදාවී පවතිනවා. ගේ දොර ඉඩකඩම්, යානවාහන දියුණුව අපේක්ෂා කරන මිථුන ලග්න හිමියනට ඉතාමත්ම යහපත්. තමන්ගේ ම කියා නිවසක් ඉදි කිරීමට බලාපොරොත්තු වන මිතුන ලග්න හිමියන්ට අද දිනයේදී එම කටයුතු පහසුවෙන්ම ඉටු කරගන්නට පුළුවන්.

කටක ලග්නය

මෙතුවක් කල් ඔබට පැවතියාවූ අර්බුධකාරී වටපිටාව පහසුවෙන් සාර්ථක කරගැනීමට හැකියාවක් පවතිනවා. තරග විභාග ,සම්මුඛ පරීක්ෂණ ආදියට සහභාගී වන උදවියට අද දිනය ඉතාමත්ම යහපත්. සමාජ සේවා කටයුතු වලට සහසම්බන්ධ වන උදවියට ද අද දිනය ඉතාමත්ම යහපත්.

සිංහ ලග්නය

අද දිනයේදී ඔබ ඉතාමත්ම කල්පනාකාරීව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. ණය මුදලක් දීමේදී මෙන්ම ණය මුදලක් ගැනීමේදී තරමක් සැලකිලිමත්ව කටයුතු කිරිම ඉතාමත්ම වැදගත්. සෙම් රෝග පිඩා අද දිනයේදී ඇති වන්නට හැකියාවක් පවතිනවා. ගංගා ආශ්‍රිතව ස්නානය කිරීම අද දිනයේදී අහිතකරයි.

කන්‍යා ලග්නය

අද දිනයේදී ඔබට ගජකේෂරි නමැති මහා බලගතු යෝගයක් උදා වී පවතිනවා. මෙතුවක් කල් සෞඛ්‍ය තත්වයන්ගෙන් අහිතකර පීඩා විඳි කන්‍යා ලග්න හිමියන්ට අද දිනයේදී යහපත් තත්වයක් උදා වී පවතිනවා. මවු පාර්ශවිය අසනීප තත්වයන් වෙනුවෙන් වැඩි වශයෙන් කාලය වෙන් කිරිමට සිදු වනු ඇත.

තුලා ලග්නය

ඔබට අද දිනයේදී මානසික පීඩා ඇති කිරීමේ ඉඩකඩක් පවතිනවා. කලකිරීම්, පසුතැවීම් වලට ලක් වීමේ ඉඩකඩක් පවතිනවා. ඉතාමත්ම කල්පනාකාරීව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. හැකියාවක් තිබේනම් උදෑසනම මෝර පිරිත වරක් හෝ සජ්ජායනය කිරීම ඉතාමත්ම වැදගත්. වාසනාවන්ත දවසක් බවට පත් කරගන්නට පුළුවන්.

වෘශ්චික ලග්නය

ඔබට අද දිනයේදී රැකියා තත්වයේ උසස් වීම් වලට යම්කිසි අවස්තාවක් ලැබෙනු ඇත. ඒ වගේම වෙනදාට වඩා ආධ්‍යාත්මික නැඹුරුවක් ඇති වීමට ඔබට ඉඩකඩක් පවතිනවා. විශාල වූ මානසික තෘප්තියකින් යුක්තව දවස නිම කිරීමේ හැකියාවක් පවතිනවා. උදෑසනම මෝර පිරිත සජ්ජායනා කරන්න.

ධනු ලග්නය

ඔබට ධර්ම කර්නාධිපති නමැති මහා බලගතු යෝගයක් අද දිනයේදී උදා වී පවතිනවා. ඒ නිසා විශේෂයෙන්ම රැකි රක්ෂා, වෙළෙඳ ව්‍යාපාර කටයුතු වල දියුණුවට අද දිනය ඉතාමත්ම ශුභයි. තැන්පත් ධනය වර්ධනය කිරීමේ ඉඩකඩ අද දවස පුරාවටම ඔබට පවතින බවත් මතක තබාගන්න.

මකර ලග්නය

ඔබට අද දිනයේදී කෙතරම් කරදර බාධා යෙදුනත් ඒ කරදර බාධා මැඩගෙන කටයුතු කරන්නට ඔබට අද දිනයේදී හැකියාව උදාපත් වනවා. උදෑසන සිටම තමන් ඇසුරු කරන පුද්ගලයින් පිළිබඳව තරමක් සැලකිලිමත්ව කටයුතු කිරීම ද ඉතාමත්ම වැදගත්. හැකියාවක් තිබේනම් මෝර පිරිත වරක් හෝ සජ්ජායනා කරන්න.

කුම්භ ලග්නය

මුල්‍ය කටයුතු වලදී, මුල්‍ය ගනුදෙනු වලදී තරමක් සැලකිලිමත්ව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. ඔබ අද දිනයේදී බුද්ධිමත් ලෙසින් ක්‍රියා කළහොත් දිනය ජය ගැනීමට ඉතාමත්ම හොඳින් හැකියාව පවතිනවා. ඇඟිලි ආශ්‍රිත විපත් ඇතිවීමේ ඉඩකඩ බහුල වීමේ ඉඩකඩක් පවතින නිසා තරමක් සැලකිලිමත් වන්න.

මීන ලග්නය

ඔබට තිබෙන්නාවූ අවහිරතාවයන් මගහැරවාගැනිමට හැකියාවක් පවතිනවා. පසුගිය දිනවල ඔබට පැවතී පීඩාකාරී තත්වය මගහරවාගෙන කටයුතු කිරීමේ හැකියාවක් ද පවතින නිසා මේ දිනවල පවතින යහපත් ග්‍රහචාරයෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීම ඉතාමත්ම වැදගත්. කාන්තා පාර්ශවයෙන් උදවු උපකාර ලැබේ.

යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News