Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළදුන් සොයා වැටලීම් අඛන්ඩව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

වෙළඳපලේ සහල් මිල ඉහළයාම පාලනය කිරිම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සහල් සඳහා පාලන මිලක් පැනවිමට පියවර ගනු ලැබීය.

ඊයේ (09) දිනයේ සිට අදාළ පාලන මිල ක්‍රියාත්මක අතර  ඒ අනුව සම්බා කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 80ක් වේ.

මහ බැංකුවේ හිටපු අධිපතිවරයා විසින් ඔහුගේ ධුර කාලය තූළ වාර 163 කදී කරන ලද රුපියල් හය කෝටි හය ලක්ෂයක මුදල් වංචාවන් පිළිබඳ විගණන වාර්තා හෙළි කරන බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.

මෙකී විගණන පරික්ෂණය කර ඇත්තේ ඉකුත් අගෝස්තු මාසයේ වුවත් මේ වන තුරුත් වත්මන් මහ බැංකු අධිපතිවරයා හෝ රජයේ වෙනත් වග කිව යුතු පාර්ශවයක් කිසිදු පියවරක් ගෙන නැතැයි ද ඒ මහතා පවසයි.
මෙම වංචාව හැරුණු විට ඔහු ගේ බෑනා විසින් මිලදී ගෙන ඇති මෙන්ඩිස් සමාගම විසින් රජයට ගෙවිය යුතු බදු මුදල් ඉකුත් ජනවාරි මාසය වනවිට රුපියල් කෝටි 84 ක් ඉක්මවා ඇතැයි ද සමරසිංහ මහතා කියයි.

කොරියා භාෂා විභාගයෙන් සමත් 2,470 දෙනකුට මේ වසරේදී රැකියා අවස්ථාවන් ලබා දෙන්නට කටයුතු කරන බව කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය සඳහන් කරයි.

මේ වසරේ පළමු මාසයේදී පමණක් ශ්‍රී ලාංකිකයන් 231 දෙනකු කොරියා රැකියා සඳහා පිටත්ව ගොස් ඇතැයිද එම ආයතනය පවසයි. මෙරට ආර්ථිකයට දැවැන්ත ශක්තියක් වෙමින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 6,635 දෙනකු 2016 වසරේ දී දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත.

කෙසේ වුවද මෙලෙස කොරියානු රැකියා අපේක්ෂාවෙන් පසුවන සියලු දෙනාටම රැකියා ලබාදීම කොරියානු රජයේ අපේක්ෂාව වී ඇත. මේ වසරේ දී සාමාන්‍ය විභාගය හැරෙන්නට විශේෂ පරීක්ෂණයක් නොපැවැත්වෙන බවද විශේෂ පරීක්ෂණය පවත්වන්නේ කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් යළි පැමිණි පුද්ගලයන් වෙනුවෙන් බවද එම ආයතනය පෙන්වා දෙයි.

සහල් මිල අඩුකිරීමට රජය උපරිම ලෙස මැදිහත්ව සිටින බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ඔහු සදහන් කලේ ලබන සතියේ සිට රුපියල් 76 ට අඩුවෙන් සහල් ලබාගැනීමට ඉඩ සලසන බවයි.

අද කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව පැවසීය.

ශ්‍රී ලංකාවට 2020 දක්වා කාලය තුළ යුරෝ මිලියන 210 ක (ශ්‍රී ලංකා රුපියල් බිලියන 34ක) සංවර්ධන ආධාර යුරෝපීය සංගමය වෙතින් ලබා දෙන බව අද (18දා) බ්‍රසල්ස් නුවරදී නිවේදනය කෙරුණු බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

2007 සිට 2013 දක්වා ලබාදුන් ආධාර මුදල් හා සසඳන කළ මෙය දෙගුණයකින් වැඩිවීමක් බවත් තිරසාර සාමය ස්ථාපිත කිරීම, අභ්‍යන්තර අවතැන්වූවන් යළි පදිංචි කිරීම, දුප්පත්කමින් පීඩිත ප්‍රදේශ සංවර්ධනය කරලීම උදෙසා මේ ආධාර ලබාදීමට යුරෝපීය සංගමය කටයුතු කරනු ඇතැයි එම නිවේදනයේ දැක්වේ.

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News