මේ අනුව ඉදිරියට මහා බි‍්‍රතාන්‍යය යුරෝපා හවුලේ බලවතා ලෙස ඉන් කැපී යාම නිසා ඔවුන් හා එක්ව භාවිත කළ යුරෝ විශාල අවප‍්‍රමාණයකටද මුහුණ දෙනු ඇත.
යුරෝපා හවුල ඉරිතලා යෑමක් ලෙස මෙම තීරණාත්මක ජනමත විමසුම් ප‍්‍රතිඵලය විශ්ලේෂකයෝ හඳුන්වාදී ඇත. බි‍්‍රතාන්‍යය යුරෝපා හවුලෙන් ඉවත් වීමත් සමග ජගත් මූල්‍ය වෙළඳපොළ තුළ ඩොලරයට සාපේක්ෂව යූරෝව 9.4%කින් බාල්දු විය. ජපානයේ යෙන් මුදලද ඉහළ ගිය අතර ඇමරිකන් ඩොලරය මේ නිසා නැවත ශක්තිමත්වී ඇත.
යුරෝපා හවුලේ රටවලින් ප‍්‍රබලයා ඉවත් වීමත් සමග ආයෝජකයෝ සිය රත්රන් තැන්පතු සුරක්ෂිත කරගැනීමට පියවර ගනිමින් සිටින බවද වාර්තා වුණා.
බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් යුරෝපා සංගමයෙන් ඉවත් නොවිය යුතු යැයි ප‍්‍රචාරණයේ යෙදුණ නිසා මේ පරාජයෙන් පසු ඔහුට අගමැති කමෙන් අස්වෙන්නැයිද බලපෑම් එල්ලවී ඇත.
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



