H.H.රුවන් කුමාරට වයස අවුරුදු 21යි. බණ්ඩාර බුලන්කුලම ප්‍රදේශයේ පදිංචි රුවන් ආදරේ කළේ 19 හැවිරිදි අයේෂා තුෂාරිට.
මැදිරිගිරිය මහ අඹගස්වැව යාය දොළහා ප්‍රදේශයේ පදිංචි අයේෂා ගිරිතලේ ඇඟලුම් කම්හලක සේවය කළා.
දෙන්නගේ ප්‍රේම සමබන්ධයට අයේෂාගේ පැත්තේ අය අකමැති වුණු නිසා මීට සති දෙකකට විතර කළින් රුවන් හොර රහසේම අයේෂාව කැන්දගෙන ආවා.
ඒ දෙන්නා හෙට දිනයේ විවාහ ගිවිස ගන්න සුදානමින් සිටියේ. රුවන්ගේ ගෙදර කිට්ටුවම තමා බණ්ඩාර බුලන්කුලම වැව තියන්නේ. ඊයේ හවස හයට විතර දෙන්නම ඔරු පදින්න වැවට ගිහින්.
නෙළුම් මල් කඩන්න ගමේ අය පාවිච්චි කරන ඔරුවේ නැගලා වැව මැද්දට ගිය එයාලා වැවට පෙරලිලා. ඒ බව පුංචි දරුවෙක් දැකලා ගමේ හැමෝටම කියලා.
හැමෝම එකතුවෙලා අතුරුදන් යුවළ වැවේ හෙවුවත් හමුවුණේ නැහැ. අද උදේ 8.30ට විතර ගමේ තරුණයෝයි පොලිස් ජිවිත ආරක්ෂක කණ්ඩායම් එකතුවෙලා ආයෙත් දෙන්නගේ සිරුරු හොයන්න පටන් ගත්තා. පැයකට විතර පස්සේ දෙන්නගෙම මළසිරුරු හමුවුණා.
පුංචි කාලේම තාත්තා ජිවතුන් අතර නැති නිසා අයේෂාගේ පවුලට හිටියේ අම්මයි, අයියයි, නංගියි විතරයි. දෙන්නගෙම දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අද දවල් අනුරාධපුර රෝහලට ගෙනිච්චා.
කොහොම වුණත් ගොඩක් බලාපොරොත්තු තියාගෙන ගොඩනගන්න හදපු ආදරයක් හරිම අවාසනාවන්ත විදියට දෛවය බලෙන් උදුර ගත්තා.
සිද්ද වුණු දේ ගැන අනුරාධපුර පොලිසිය පරීක්ෂණ පවත්වනවා.
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



