Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

මහනුවර දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් එක දන්තයා මිය ගොස් තිබෙනවා.හස්තියා  මියගොස් ඇත්තේ හදිසියේ ඇතිවූ අසනීපයකින්. 

හස්තියා  මිය යනවිට වයස අවුරුදු 47ක් පමණ වූ බවයි දළඳා මාළිගාවේ ආරංචි මාර්ග සඳහන් කළේ.

එක දන්තයා 1978 වසරේ මහනුවර දළදා මාලිගාවේ ඇත්  පන්තියට එක්වී ඇති අතර දළදා කරඬුව ගෙනයාමට ඕනෑම මොහොතක සුදානමින් සිටි කීකරු හස්තියෙක් බවයි  ඇත්ගොවුවන් පවසන්නේ.

උපුටාගැනීමකි - (ලංකා ඊ නිව්ස් -2017.මාර්තු.09, පෙ.ව‍‍‍.10.35) ලංකාවේ පළමු පෙලේ රූපවාහිනී නාලිකාවක් වූ ස්වර්ණවාහිනි නාලිකාව දැඩි අර්බුදකාරී තත්වයකට මෙන්ම නීච තත්ත්වයකට වැටී ඇතැයි එහි සේවකයෝ පවසති. පසුගිය සිකුරාදා සිදු වූ මේ අලුත්ම සිදුවීම පිළිබඳව එහි සේවකයෙකු ලංකා ඊ නිවුස් වෙත පැවසුවේ මෙවන් කතාවකි.

හමුදාවට තම මායිම් අලුතින් සකස්‌ කිරීමට සිදු වෙලා

කොළන්නාව තෙල් සංකීර්ණයට සහ කටුනායක ගුවන් කඳවුරට බෝම්බ දැමීමට කොටි සංවිධානය භාවිතා කළ ගුවන් ධාවන පථවලින්ද හමුදාව ඉවත් විය යුතු බව ද්‍රවිඩ සංධානය රජයෙන් ඉල්ලා ඇත. මෙය ද්‍රවිඩ සංවිධානයේ අලුත්ම ව්‍යාපෘතියයි. එම ව්‍යාපෘතියට අනුව වසර පහකට පෙර ආරම්භ කළ මුලතිව් ගුවන් කඳවුර ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලා තිබේ. උතුරු මහ ඇමැති ප්‍රමුඛ පළාත් සභාවද ඉරනමඩු, මුලතිව් සහ ඉරනමඩු ගුවන් ධාවන පථයෙන්ද ගුවන් හමුදාව යා යුතු බව දන්වා තිබේ.

කවමදාවත් හිනාවුණේ නැති, ඒ වගේම කිසිම දාක ඇහෙන් කඳුළක් හෙළපු නැති කෙනකු මේ ලෝකේ කොහේ හරි හොයා ගන්න ඉන්නවා නම් ඒක විස්මයට කරුණක්. අපේ ජීවිත පුරාම තියෙන්නේ සතුටයි දුකයි. ඒ හින්දයි අපි රිද්ම තුළින් සතුටයි දුකයි කියලා අලුත්ම විශේෂාංගයක් පටන් ගත්තේ.අපේ කලා ලෝකෙ ජනප්‍රිය තරු සතුට හා දුකත් එක්ක තමන්ගේ ජීවිතය දෝලනය වන විදිය තමයි මෙහිදී කතා කරන්නේ. මේ සතියේ මේ විශේෂාංගයට අපි එකතු කරගත්තේ ජනප්‍රිය රංගන ශිල්පිනී නදීෂා හේමමාලියි.

ගැබිණි මවත් මහළු මවත් බස්‌ එක සෝදති

වර්තමාන සමාජයේ ජීවත් වන සමහර මිනිස්‌සු හැසිරෙන්නේ තිරිසන් සතුන්ටත් වඩා අන්ත අයුරින්ය. මේ කතා කරන්න යන්නේද එවැනිම තිරිසන් සතෙකුටත් වඩා අන්ත අයුරින් හැසිරුණ මිනිස්‌ තිරිසනුන් දෙදෙනකු පිළිබඳවයි. 

කටානේ පදිංචිකාරියකවූ පුෂ්පා මැදි වයසේ විවාහක කාන්තාවකි. ලොකු මිල මුදලක්‌ නොමැති වුවත් ඇය කිසිවෙකුටත් අත නොපා තම සැමියා සමඟ සතුටින් කාලය ගත කළාය. කාලය කෙමෙන් ගතවෙද්දී ගැහැනියක ලබන උතුම්ම පදවිය වන මවු පදවිය සඳහා ඇය උරුමකම් කීවාය. 

මාලඹේ සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න විදේශගතව ඇත්තේ පොලිසියට දැනුම් දීමකින් තොරව බව වාර්තා වෙයි.පොලිස් මූලස්ථානය පැවසුවේ ඉකුත් දා ඔහුගේ රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් ඔහු විදේශගත වන්නේ නම් පොලිසියට පෙර දැනුම් දීමක් සිදුකළ යුතුව තිබූ බවයි.

කෙසේ වෙතත් පරීක්ෂණ සදහා අවශ්‍ය වුවහොත් ජාත්‍යන්තර පොලිසිය හරහා ඔහු මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ හැකි බව ද සදහන්.

රියෑදුරු අසුනේ සිටියා නම් 
වෙඩි නොවදින්න හේතුවක්‌ නෑ 

සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය සමීර සේනාරත්න මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැක සහිත තත්ත්වයක්‌ උද්ගත වී තිබෙන බව පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබීම වෛද්‍ය සේනාරත්න මහතා ඝාතනය කිරීමේ අරමුණෙන් සිදු කළේද එසේත් නැත්නම් වෙනත් අරමුණක්‌ සඳහා කළ සැලසුමක්‌ද යන්න සොයා පොලිස්‌ කණ්‌ඩායම් තුනක්‌ පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

මාලඹේ සයිටම් ආයතනය ඉදිරිපිට  වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ගමන්කළ රථයටයි මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇත්තේ.

කෙසේ වෙතත් වෙඩි තැබීම හේතුවෙන් ඔහුට හානියක් සිදුව නොමැති අතර ඔහුගේ රථයට හානි සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News