1 කෙනෙකු අපේක්ෂා කරන තරමට වැඩි දෙයක් ඔහුට දෙන්න.එය කල යුත්තේ සතුටින්මයි.
2 ඔබේ ප්‍රියතම කවිය කටපාඩම් කරගන්න
3 ඔබට ඇසෙන සෑම දෙයක්ම විශ්වාස නොකරන්න.
4 ඔබ අතේ ඇති හැම සතයක්ම වියදම් නොකරන්න.
5 ඕනෑවට වඩා නිදා නොගන්න.
6 ,මං ඔයාට ආදරෙයි, කියද්දී හදවතින්ම කියන්න.
7 කිසිවෙකුගෙන් සමාව ඉල්ලද්දී ඔහුගේ දෑස දෙස කෙලින්බලන්න.
9 අනෙක් අයගේ සිහින වලට සිනා නොවන්න.සිහින නැතිමිනිසුන් තුල බොහො අඩුපාඩු තිඛෙනවා.
10 හදවත පත්ලෙන්ම ආදරය කරන්න.ඇතැම් විට ඔබට වේදනාවහිමිවිය හැකිය.එහෙත් ජීවිතය සම්පූර්ණ කර ගැනීමට ඇති එකමමග එයයි.
11 යමකට එකග නොවන විටදී සාධාරන ලෙස ගැටෙන්න.එහෙත්කැත වචන කීමෙන් වලකින්න.
12 ඉක්මනින් සිතන්න.හෙමින් කතා කරන්න.
13ඔබ පිලිතුරු දෙන්නට අකමැති ප්‍රශ්නයක් කිසිවෙකු විසින්ඇසූ විට සිනහවක් පා ,ඇයි ඔයාට ඒක දැනගන්න ඕන..?,යනුවෙන් අසන්න.
14 මහා ලොකු ආදරය,මහා ලොකු බලාපොරොත්තු සමග මහාලොකු අවදානමක්ද පවතින බව මතක තබා ගන්න.
15 ඔබේ මව සමග නිරතුරුවම අදහස් හුවමාරුකරගන්න.
16 ඔබ පරාජය වුවත් ඉන් ලැඛෙන පාඩම ජයග්‍රහනය බවසිතන්න.
17 ඔබ ඔබටම ගෙෘරව කරන්න, අනෙක් අයට ගෙෘරවකරන්න.
18 වගකීමෙන් යුතුව සෑම ක්‍රියාවකම නිරත වන්න.
19 තර්ක කිරීම තුලින් මිතුරන් අහිමි කර නොගන්න.
20 වැරැද්දක් සිදුවූ බව වැටහුණු විට වහාම එය නිවරදි කරන්නටපියවර ගන්න.
21 දුරකථන ඇමතුමට පිලිතුරැ දෙන විට සිනාමුසු වන්න,අමතන්නාව එය හොදින් දැනේවි.
22 විවාහ විය යුත්තේ කතාබහ කිරීමට කැමැත්ත දක්වන අයකුසමගයි මක්නිසාද යත් මහලූ වයසට පත්වෙද්දී අනෙක් හැමහැකියාවකටම වඩා වටින්නේ එය බව මතක තබාගන්න.
23 ඉදහිට නිදහසේ තනිව කාලය ගත කරන්න.
24 වෙනසවීම් වලට ඔබේ දෑත දිගු කරන්න. එහෙත් ඔබේවටිනාකම් ගිලිඑී යාමට ඉඩ නොතබන්න.
25 ඇතැම්විට හොදම පිලිතුර වන්නේ නිහඩතාවය බව සිහිතබාගන්න.
26 වැඩියෙන් පොත් කියවන්න, අඩුවෙන් රෑපවාහිනිය නරඹන්න.
27 දෙවියන් වහන්සේ/බුදුන් වහන්සේ විශ්වාස කරන්න, එහෙත්ඔබේ මොටර් රථය අගුලූ දමන්නට අමතක නොකරන්න.
28 හොද අවංක ජීවිතයක් ගත කරන්න.ඔබ වයසට ගිය පසු ආපසුහැරී බලා සතුටු වන්නට හැකි වේවි.
29 ඔබේ නිවසේ ඇති ආදර‚ය වාතාවරණය හැමදේටම වඩාවැදගත් බැවින් ඒ සදහා හැම කැප කිරීමක්ම කරන්න.
30 ඔබේ ආදරŒයම පුද්ගලයන් සමග බහින්බස් වීමේදී අතීතසිදුවීම් හෝ වැරදි සිහිපත් නොකරන්න.
31 යටි අදහස් තේරැම් ගන්න.
32 ඔබේ දැනුම ඛෙදා හදා ගන්න.
33 මහ පොලව සමග මෘදු ලෙස ගණුදෙණු කරන්න.
34 භක්තියෙන් ආගම අදහන්න.එහි විශාල ගුප්ත බලයක්තිඛෙනවා.
35 චාටු බස් වලට නොරැවටෙන්න.
36 ඔබේ පාඩුවේ සිටින්න.
37 සිප ගන්නා විට දෑස් විවර කරගෙන සිටින කාන්තාව හෝපිරිමියා විශ්වාස නොකරන්න.
38 අවුරැද්දකට වරක් ඔබ කිසිම දිනෙක නොගිය තැනකට යන්න.
39 ඔබට ඕනෑවට වඩා මුදල් ඇත්නම් ඉන් කොටසක් අනෙක්අයට උදවු කිරීම සදහා යෙදවන්න. ඉන්ලැඛෙන්නේ මිල කලනොහැකි තෘප්තියක්.
40 යම් අවස්ථාවකදී ඔබට වුවමනා දෙයක් නොලැබුනහොත් එයවාසනාවක් වීමට ඉඩ ඇති බව මතක තබා ගන්න.
41 නීති ඉගෙන ගන්න, පසු ඒවායින් කොටසක් බිද දමන්න.
42 එකිනෙකා වුවමනා දෙදෙනෙකුට වඩා එකිනෙකාට ආදරයකරන දෙදෙනෙකු අතර ඇති සම්න්ධය බලවත් ය.
43 ඒ සදහා කැපකල දේවල් තුලින් ඔබේ සාර්ථකත්වය මැනගන්න.
44 ඔබේ දෛවය වන්නේ ඔබේම චරිතය බව මතක තබා ගන්න.
මේවා දිනපතා උදෑසන පෙනෙන පරිදි හැකිනම් මුද්‍රණ පිටපතක්ගෙන ඔබේ කාමරයේ , සේවය කරන සිථානයේ තබා ගන්න.
-ශ්‍රී ලාංකීය අපේ උරුමයන්
ඔබ විශ්වාස කලත්, නොකලත් මෙය සත්‍යයකි …
තවත් කෙනෙකුගේ ජීවිතය ආලෝකමත් කරන්න මෙය හැකිතාක් ෂෙයාර් කරන්න
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



