SoulPancake නම් ප්‍රසිද්ධ youtube චැනලය මගින් මේ සිද්ධාන්තය පරික්ෂා කර බැලීමට අදහස් කරා. එකිනෙකාගේ දෑස දෙස විනාඩි 4ක් බලා සිටීම මගින් ආදරණිය බැඳීම තරවන බව සත්‍යයක් දැයි ඔවුන් පරික්ෂා කර බැලුවා. මේ සඳහා ඔවුන් ජෝඩු 6ක් තෝරාගත්තා. එක් එක් ජෝඩු අතර සබඳතා පැවති කාල විවිධ පරාසයන්ට අයත් විය. මේ අතරට එකිනෙකා නොහඳුනන ජෝඩුවක් ද අයත් විය.
පර්යේෂණය අවසානයේ ලැබුණු ප්‍රතිපල ඉතා රසවත්. ගොඩක් වෙලාවට ප්‍රථිපලය ඉතාමත් සුන්දර වුනේ එතන හිටපු වයසින් වැඩිම ජෝඩුවගේ. ඔබ තුල සැඟවී ඇති ආදරය ඔවුන් සැබවින්ම එලියට අරගනී. ඔබේ ජීවිතයේ ඔබ ආදරය කරන ඔහුගේ හෝ ඇයගේ දෑස දෙස මොහොතක් බලා සිටින්න. මේ සුන්දර අත්දැකීම ඔබටත් විඳගන්න පුළුවන් වෙයි.
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



