Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

රියෑදුරු අසුනේ සිටියා නම් 
වෙඩි නොවදින්න හේතුවක්‌ නෑ 

සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය සමීර සේනාරත්න මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැක සහිත තත්ත්වයක්‌ උද්ගත වී තිබෙන බව පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබීම වෛද්‍ය සේනාරත්න මහතා ඝාතනය කිරීමේ අරමුණෙන් සිදු කළේද එසේත් නැත්නම් වෙනත් අරමුණක්‌ සඳහා කළ සැලසුමක්‌ද යන්න සොයා පොලිස්‌ කණ්‌ඩායම් තුනක්‌ පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

මේ සම්බන්ධයෙන් වෛද්‍ය සමීර සේනාරත්න මහතා ඇතුළු පුද්ගලයන් දස දෙනකුගෙන් පමණ ඊයේ (8 දා) වන විට ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගෙන තිබූ අතර, ඇතැම් ප්‍රකාශ පරස්‌පර විරෝධී ඒවා බවද පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබීම සිදු වූ අවස්‌ථාවේ සමීර සේනාරත්න මහතා මෝටර් රථය තුළ එක්‌ පසෙකට ඇල වී ජීවිතය බේරා ගත් ආකාරයට පොලිස්‌ නිලධාරියකු යොදවා පරීක්‌ෂාවක්‌ කිරීමට පොලිස්‌ නිලධාරීහු කටයුතු කළහ.

එහිදී අනාවරණය වූයේ මෙම වෙඩි ප්‍රහාර එල්ල වූ ආකාරය අනුව වාහනය තුළ රියෑදුරු අසුනේ සිටින පුද්ගලයාට අනතුරක්‌ සිදු නොවී බේරී යා නොහැකි බවය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රජයේ රස පරීක්‌ෂකවරයාගේ වාර්තාව ලැබෙන තුරු නිගමනයකට එළඹිය නොහැකි බවද පොලිසිය පවසයි.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වෛද්‍ය සමීර සේනාරත්න මහතාගෙන් පොලිසිය ඊයේ (08 දා) දිනයේ දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත්තේය. එහිදී වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් පදවා ගෙන ගිය මෝටර් රථයට ඉදිරිපසින් මුලින්ම වෙඩි ප්‍රහාර දෙකක්‌ එල්ල වූ බවයි.

ඒ සමඟම තමන් මෝටර් රථය තුළ එක්‌ පසෙකට ඇල වූ බවත් පසුව දකුණු පසින් පැමිණි සන්නද්ධ පුද්ගලයන් නැවතත් තමන් ඉලක්‌ක කර වෙඩි ප්‍රහාර දෙකක්‌ එල්ල කර පලා ගිය බවත්ය. 

මාලබේ සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි සමීර සේනාරත්න මහතා ඉකුත් 06 වැනිදා රාත්‍රි 8.15 ට පමණ සිය නිවස බලා යමින් සිටියදී නාඳුනන තුවක්‌කුකරුවන් දෙදෙනකුගේ ප්‍රහාරයට ලක්‌ වී තිබිණි.

බස්‌නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්‌පති වසන්ත වික්‍රමසිංහ, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රසාද් රණසිංහ, සහකාර පොලිස්‌ අධිකාරි විදුර ජයසිංහ යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් තුනක්‌ පරීක්‌ෂණ පවත්වා ගෙන යයි.

දිවයින පුවත්පත - හේමන්ත රන්දුණු

යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News