ඊයේ (14 වැනිදා) ඩීකින් විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ පැවැති උපාධි ප්‍රදානෝත්සවයේදී එහි කුලපති මහාචාර්ය ජෝන් ස්‌ටැන්හෝප් මහතා විසින් අගමැතිවරයාට සම්මාන ආචාර්ය උපාධිය පිරිනමන ලදී. ඒ සඳහා හේතු පාඨ දක්‌වමින් විශ්වවිද්‍යාලයේ උපකුලපතිනි මහාචාර්ය ඡේන් ඩෙන් හොලැන්ඩර් මහත්මිය පැවසුවේ ශ්‍රී ලංකාවේ නාමය අන්තර් ජාතික වශයෙන් ඔසවා තැබීම, කොටි ත්‍රස්‌තවාදීන් සාකච්ඡා මේසයට කැඳවා ගැනීමට උපායශීලී වීම, ජාත්‍යන්තර ප්‍රජාව වෙතින් මූල්‍ය සහාය ලබාගැනීමට පදනම සැකසීම, යහපාලනය ස්‌ථාපිත කරලීමට කැපවීම ආදී කරුණු ගණනාවක් ද මෙහිදී සැලකිල්ලට ගත් බවය.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඩීකින් විශ්වවිද්‍යාලයේ උපකුලපතිනි මහාචාර්ය ඡේන් ඩෙන් හොලැන්ඩර් මහත්මිය සමඟ ඡායාරූපයකට පෙනී සිටි අවස්‌ථාව.
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



