Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

නින්ද කියන දේ අපට අත්‍යවශ්‍ය දෙයක්. නින්ද ගැන බොහෝදෙනෙක් සිතා සිටින්නේ එය ඉතා සන්සුන් , සාමකාමී , ශාන්ත ස්වභාවයකින් යුත් දෙයක් ලෙසයි. එත් සෑම දිනකම අපි නිදාගෙන සිටින විට ශරීරයේ යම් ක්‍රියාවලියන් සිදුවන බව රහසක් නොවුවත් ඔබ මේ දේවල් දැන සිටියාද?

උගුර පටු වී ගෙරවීම..
අවදියෙන් ඉද්දි හුස්ම ගන්න විදිහට වඩා අපි නිදාගෙන ඉද්දි හුස්ම ගන්න විදිහ වෙනස්. ඊට හේතුව තමයි නින්දේදී අපේ ශරීරයේ මාංශපේශි ලිහිල් වීම. මෙයින් ඔබේ උගුරට හෝ වෙන කිසිම දෙයකට කිසිඳු හානියක් සිදුවන්නේ නැති නිසා මේ අවස්ථාව කිසිසේත් බය විය යුතු අවස්ථාවක් නෙමෙයි.සමහර අය නින්දෙන් ගොරවන්නේ මෙන්න මේ නිසයි.උගුර පටු වීම නිසා හුස්ම ගමනේදී තෙරපුමකින් තමයි ඒ ශබ්දය ඇති වෙන්නේ.

ශරීරය අප්‍රාණික වීම..
නින්දේ ගැඹුරුතම අවස්ථාව REM ලෙස හඳුන්වයි. මේ අවස්ථාවේදී ඔබේ මාංශපේශි තාවකාලිකව අඩපන වෙනවා. නමුත් ඔබට එය අමතක ඔබ ඒ අවස්ථාවේ තද නින්දේ සිටින නිසයි. මෙහිදී බොහෝ ක්‍රියාවලීන් ඔබේ ශරීරය තුල සිදු වනවා. නමුත් මෙය කිසිසේත් බය විය යුතු කාරණයක් නෙමෙයි. එය ඉතාමත් සාමාන්‍ය දෙයකි.

ශිෂ්ණය ප්‍රාණවත් වීම..
මවු කුස තුළ සිටම ඔබ මහලු වන තෙක්ම මේ සිදුවීමට සෑම පිරිමියකුම මුහුණ දෙනවා.මවු කුස තුලදීද මෙසේ සිදුවනවා.මෙය ඉතාමත් සාමාන්‍ය පොදු තත්වයකි. මෙසේ සිදුවීමට හේතු රාශියක් තියෙනවා. මහලු වියට පත්වෙනවත් එක්කම මේ සිදුවීම ක්‍රමයෙන් අඩු වෙලා යනවා.

ඇස් සෙලවීම..
මුලින් සඳහන් කළා වගේම නින්දේදී බොහෝ ක්‍රියාවලීන් ශරීරය තුල සිදුවනවා.එය ක්‍රියාවලීන් පහක් ලෙස වෙන් වනවා. මුලින් කියූ REM අවස්ථාව එහි අවසාන අදියරයි. ඉතා කාර්යක්‍ෂම අවස්ථාව එය නිසා එහිදී ඔබේ ඇස් ඉතා වේගයෙන් ඉදිරියට පිටුපසට ඇස්පිහාටු ගසනවා වගේම සමහරවිට ඇස් භාගයක් පමණ විවෘතව පවතිනවා. සමහරු නිදාගෙන ඇස් ඇරන් ඉන්නවා වගේ පෙන්නේ ඒ නිසයි.

එකවර තිගැස්සී ඇහැරීම..
මෙහිදී ඔබට දැනෙන්නේ කෙනෙක් ඔබව ස්පර්ශ කරනවා,නැත්නම් සොලවනවා හෝ ඔබ ප්‍රපාතයකට ඇදගෙන වැටෙනවා වගේ දෙයක්. මෙයද ඉතාමත් සාමාන්‍ය තත්වයකි.මෙහිදී සිදුවන්නේ ඔබේ බාහු යම් තිගැස්සීමකට ලක් වීම. එසේ ශරීරය තිගැස්සීමට නිශ්චිත හේතුවක් තවමත් විද්‍යාඥයින් පවසා නැහැ.

යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News