Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

'සයිටම්' සිසුන්ගේ දෙමවුපියෝ පවසති

අභියාචනා අධිකරණය ලබා දී තිබෙන තීන්දුව අනුව මාලබේ වෛද්‍ය විද්‍යාල සිසුන්ට වෛද්‍ය සභාවේ අනුමැතිය ලබා නොදෙන්නේ නම් ඔවුන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරන බව මාලබේ වෛද්‍ය විද්‍යාල දෙමාපිය සමිතිය ඊයේ (05 වැනිදා) ප්‍රකාශ කළේය.

මේ වන විටත් ඊට අදාළ කටයුතු සයිටම් ආයතනයේ නීතිඥවරුන් සිදු කරමින් පවතින බවද ඊයේ (05 වැනිදා) බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් දෙමාපිය සමිතියේ ලේකම් නීතිඥ අනුර ධනරත්න මහතා පැවසීය.

සයිටම් ආයතනයට මේ වන විට බඳවා ගෙන ඇති සිසුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අවම සුදුසුකම සම්පූර්ණ කර සිටින සිසුන් බවත් අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් වෛද්‍ය සභාවට සොයා බලා සුදුසුකම් නොමැති නම් එම සිසුන් ලියාපදිංචි කිරීම ප්‍රතික්‌ෂේප කළ හැකි බවද හෙතෙම කීවේය.

මෙම සිසුන් ලියාපදිංචි කිරීමේදී රජයේ වෛද්‍යවරුන් ඉදිරිපත් වන ඕනෑම විභාගයකට ඉදිරිපත් වීමේ හැකියාව ඇතැයිද ධනරත්න මහතා සඳහන් කළේය.

ඇතැමුන් විසින් අභියාචනාධිකරණය විසින් පැමිණිල්ල ගොනු කළ ශිෂ්‍යාවට පමණක්‌ තීන්දුවක්‌ ලැබී ඇතැයි කියන මතයද සාවද්‍ය බවත් අධිකරණයෙන් ලබාදෙන තීන්දුව සියලුම මාලබේ වෛද්‍ය සිසුන්ට බලපාන බවද ඔහු අවධාරණය කර සිටියේය.

මේ වන තෙක්‌ සයිටම් ආයතනයට බඳවා ගැනීමේ පෝරමයේ උසස්‌ පෙළ සම්බන්ධයෙන් විමසීමක්‌ කර නොතිබුණත් ඉදිරි සතියේ නිකුත් කිරීමට නියමිත නව ශිෂ්‍ය බඳවා ගැනීමේදී එයද ඇතුළත් කරන බවද ඔහු පැවසීය.

සයිටම් ආයතනය තුළදී කිහිප දෙනකු මියගොස්‌ ඇති බවට චෝදනා එල්ල වුවත් ඒ අය මියගොස්‌ ඇත්නම් දරුවන්ගේ වරදකින් නොව එය රජයේ අධ්‍යාපනය හැදැරූ වෛද්‍යවරුන්ගෙන් බවට වටහා ගත යුතු බවද ඔහු අවධාරණය කළේය.

මෙම මාධ්‍ය හමුවේදී සමිතියේ සභාපති ටී. එම්. කේ. බී. තෙන්නකෝන්, උප සභාපති පී. එස්‌. ආර්. ජයවර්ධන, භාණ්‌ඩාගාරික විමල් බී. සමරකෝන්, කමිටු සාමාජිකයන් වන මහාචාර්ය නෙවිල් පෙරේරා ඇතුළු කිහිප දෙනෙක්‌ අදහස්‌ දැක්‌වූහ.

යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News