Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

කවමදාවත් හිනාවුණේ නැති, ඒ වගේම කිසිම දාක ඇහෙන් කඳුළක් හෙළපු නැති කෙනකු මේ ලෝකේ කොහේ හරි හොයා ගන්න ඉන්නවා නම් ඒක විස්මයට කරුණක්. අපේ ජීවිත පුරාම තියෙන්නේ සතුටයි දුකයි. ඒ හින්දයි අපි රිද්ම තුළින් සතුටයි දුකයි කියලා අලුත්ම විශේෂාංගයක් පටන් ගත්තේ.අපේ කලා ලෝකෙ ජනප්‍රිය තරු සතුට හා දුකත් එක්ක තමන්ගේ ජීවිතය දෝලනය වන විදිය තමයි මෙහිදී කතා කරන්නේ. මේ සතියේ මේ විශේෂාංගයට අපි එකතු කරගත්තේ ජනප්‍රිය රංගන ශිල්පිනී නදීෂා හේමමාලියි.

නදීෂා සතුටයි දුකයි නිර්වචනය කරන්නේ කොහොමද?
අපි කැමති දේ ලැබිමේදී දැනෙන හැඟීම තමයි සතුට කියන්නේ. අකමැති දේ ලැබෙන කොට දැනෙන දේට තමයි දුක කියන්නේ.

කලාකාරියක් විදියට වැඩියෙන්ම සතුටු වූ හා දුක් වූ දවස් දෙක මතකද?
හා හා පුරා මාව රූපවාහිනියෙන් දැකපු දා තමයි ගොඩක් සතුටු වුණේ. දුක්වූ අවස්ථාවක් නම් නැහැ.

සාමාන්‍ය ජීවිතයේදී වැඩියෙන්ම සතුටු වූ හා දුක් වූ අවස්ථා මොනවාද?
ඔය දෙකම තවම උදාවෙලා නැහැ.

නදීෂට තියෙන්නේ කිසිම සතුටක්වත් දුකක්වත් නැති හිස්ම හිස් ජීවිතයක්නේ?
නැහැ. මම ජීවිතේ හැමදේම යථාර්ථවාදීව දකිනවා. ඒ හින්දා සතුටෙදී ඕනෑවට වඩා සතුටු වෙන්නෙත් නැහැ. දුකේදී මහ හඩින් හඬා වැටෙන්නෙත් නැහැ.

කොහොමද ඔය වගේ යථාර්ථවාදී චින්තනයක් ජීවිතයට එකතු වුණේ?
බෞද්ධ දර්ශනය තුළින්.

කවද ඉඳලද නදීෂා බෞද්ධ දර්ශනය තුළින් ජීවිතය දකින්න පටන් ගත්තේ?
අපිව පන්සල් යන්න හුරු කරවන්නෙ පුංචිම කාලෙදී. හැබැයි එතකොට අපි පන්සිල් පදවල තේරුම්වත් දන්නේ නැහැ. පන්සිල් පදවල තේරුම වටහා ගන්න මම උත්සාහ කළේ අවුරුදු 7දී විතර. ඊට පස්සේ ටිකෙන් ටික කාලයත් සමග බුදු දහම ගැන කියන්න ඒ ගැන හිතන්න එහි ගැඹුර වටහා ගන්න උත්සාහ කළා. මට හිතෙන්නේ මම තවම මේ ගැඹුරු දර්ශනය වටහා ගනිමින් ඉන්නේ.

එහෙනම් බුදු දහම තුළින් ජීවිතයට ලැබුණු සතුට ගැන මේ ලිපියෙන් කතා කරමු. ඒක අනෙක් අයට ආදර්ශයක් වේවි.සෑම බෞද්ධයෙකුගේම අවසන් සතුට නිවන. ඒ තමයි උත්තරීතරම සතුට. බෞද්ධ ප්‍රතිපත්ති තුළින් එතැනට යන එක තමයි කළ යුත්තේ. ඒක දීර්ඝව විස්තර කළ යුත්තක්. තමා විසින්ම කළ යුතු දෙයක්.

නිවන සොයා යන නදීෂා නවීන විලාසිතාවෙන් සැරසිලා වේශ නිරූපණයෙන් රුව ඔපමට්ටම් කරගෙන සැහැල්ලුවෙන් ජීවිතය ගෙවන කෙනෙක්?
විශාඛා සිටුදුව සාර්ථක පවුල් දිවියක් ගෙවූ ගිහි කතක්. ඒත් ඇය සෝවාන් ඵල ලාභිනියක්. මම තවම සෝවාන් ඵලයට ඇවිත් නැහැ. මම නිළියක්. ඒ මගේ වෘත්තිය. ඒක හින්දා ලස්සනට අඳින එක, විලාසිතා කරන එක මගේ වෘත්තියේ කොටසක්. ඒක මගේ ආධ්‍යාත්මික ජීවිතය එක්ක පටලවා ගන්න එපා.

ඒත් අපි වටා ඉන්නා ලෝකය කෙනකුව මනින්නේ බාහිරව බලලා. ඒ ලෝකය නිවන කරා යන ගමනට නදීෂාව පරමාදර්ශයක් කර ගනීද නැත්නම් නදීෂගේ ප්‍රකාශය හෑල්ලු කරලා හිනාවෙයිද?
ඒක සිදුවන්නේ ඒ අයගේ මානසික මට්ටම අනුව. මට ඒක අදාළ නැහැ.

නදීශා ප්‍රබලවම සතුට අත් විඳි අවස්ථාවක් මතකද?
එක්තරා ස්වාමීන් වහන්සේ නමකගේ ජීවන රටාව දැක්කම මට පුදුමාකාර සතුටක් දැනුණා.

අනෙක් කෙනකු ගැන හිතලා වැඩිපුරම දුක්වූ අවස්ථාවකුත් ඇති...?
කූඹියෙක් වතුරට වැටිලා ඉන්නවා දැක්කත් මම දුක්වෙනවා. ඒ අතරින් ප්‍රබලම විශේෂ අවස්ථාවක් නම් නැහැ.

නදීෂා හින්දා වෙනත් කෙනකුට දුකක් විඳගන්නට වෙලාම නැද්ද?
මම දන්නේ නැහැ.

සතුටින් ජීවත් වෙන්න කැමති අයට ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සඳහා ඔබ දෙන උපදෙස මොකක්ද?
පන්සිල් පද පහ රැකගෙන ජීවත් වෙන්න. ජීවිතයේ සතුට තියෙන්නේ එතැන.

නදීෂාත් ඒ සතුට විඳිනවද? කවමදාවත් පන්සිල් පද පහෙන් එකක් බිඳලම නැද්ද?
කෝටියක් සංවර ශීලය රකින උපසම්පන්න භික්ෂුන් වහන්සේ කෙනකු අතින් පවා සිල් බිඳෙන අවස්ථා තියෙනවා. මගේ අතිනුත් සිල්පද බිඳී යන අවස්ථා තියෙනවා. ඊට පසුව මම ඒක හදා ගන්නවා. ඒ ජීවන රටාව මා කරා සතුට රැගෙන එනවා.

යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News