Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

හමුදාවට තම මායිම් අලුතින් සකස්‌ කිරීමට සිදු වෙලා

කොළන්නාව තෙල් සංකීර්ණයට සහ කටුනායක ගුවන් කඳවුරට බෝම්බ දැමීමට කොටි සංවිධානය භාවිතා කළ ගුවන් ධාවන පථවලින්ද හමුදාව ඉවත් විය යුතු බව ද්‍රවිඩ සංධානය රජයෙන් ඉල්ලා ඇත. මෙය ද්‍රවිඩ සංවිධානයේ අලුත්ම ව්‍යාපෘතියයි. එම ව්‍යාපෘතියට අනුව වසර පහකට පෙර ආරම්භ කළ මුලතිව් ගුවන් කඳවුර ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලා තිබේ. උතුරු මහ ඇමැති ප්‍රමුඛ පළාත් සභාවද ඉරනමඩු, මුලතිව් සහ ඉරනමඩු ගුවන් ධාවන පථයෙන්ද ගුවන් හමුදාව යා යුතු බව දන්වා තිබේ.


ඉරනමඩු ජලාශය අසල පිහිsටි ඉරණමඩු ධාවන පථය කොටින්ට ප්‍රයෝජනවත් වූයේ පනරොට්‌ රොට්‌ ඇතුළු වෙනත් උපාංග ගෙන ඒම සඳහායි. මේ නිසා එහි ඇති වැදගත්කම තේරුම් ගත් ගුවන් හමුදාව ඉරනමඩු ධාවන පඨය මීටර් 1500 ක්‌ දිග හා මීටර් 25 ක්‌ පළල ලෙසද පුළුල් කළේය.

මේ නිසා ඉරනමඩු ගුවන් ධාවන පථයට සී. 130 හර්කියුලිස්‌ යානාවක්‌ පවා ගොඩබැස්‌සිය හැකිය. සටන්විරාම සමයේදී එවකට පැවැති රජය වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සතු මෙම ඉඩම්වලට ඔප්පු ලබාදීමට ක්‍රියා කළේ කොටි සැනසීම උදෙසායි. 2001 දී ද්‍රවිඩ සංධානය ස්‌ථාපිත කරන ලද්දේ කොටි සංවිධානයය.

ඉන්පසු කොටි සංවිධානය තෝරාගත් හමුදා කඳවුරු ඉවත් කරන ලෙස ඉල්ලමින් විරෝධතා ව්‍යාපෘතියක්‌ ආරම්භ කරනු ලැබීය. ද්‍රවිඩ සංධානය දැන් දියත් කරන්නේ එම ව්‍යාපෘතියේ දෙවැනි කොටසයි. එහෙත් 2002 සටන්විරාම ගිවිසුම යටතේ කොටි දියත් කළ මෙහෙයුම් ගැන නොදන්නා අඳබාල මාධ්‍ය වාර්තාකාරියන් ඉඩම් අයිතිය ඉල්ලා සටන් කරන ජනතාව වෙනුවෙන් මාධ්‍ය මිථ්‍යාමත පතුරුවන බව කියා සිටී. ප්‍රභාකරන් ත්‍රස්‌තවාදී යුද්ධය දියත් කරන සමයේදී සහ ඊනියා සටන්විරුට ගිවිසුමට මුවා වී සිදු වු කොටි ක්‍රියාකාරකම් ගැන නොදන්නා මෙවන් අඳබාල පාර්ශව අතීතය යටපත් කිරීමට උත්සාහ කිරීම හාස්‍යයට කරුණකි. මොවුන් මාධ්‍ය ක්‍ෂේත්‍රයට පැමිණීමට පෙර අඩු වශයෙන් අතීතය ආවර්ජනය කළ යුතුව ඇත. එදා කොටි සංවිධානය උතුරේ හමුදා කඳවුරුවලින් හමුදාව ඉවත් විය යුතු බවට දියත් කළ මෙහෙයුම ද්‍රවිඩ සංධානය එකහෙලාම අනුමත කළේය.

ඒ සඳහා කොටි දියත් කළ මෙහෙයුමට පොංගුතමිල් යෑයි නම් කර තිබුණි. මේ නිසා එදා පැවැති රජය දෛනික වාර්තා මාධ්‍යයට නිකුත් කිරීම නොකරන ලෙස හමුදාවට නියෝග කරනු ලැබීය. එහෙත් හමුදාව රහසිගතව මාධ්‍ය වෙත තොරතුරු අනාවරණය කළේය. කොටි සංවිධානය වන්නි පළාත තුළ ගුවන් ධාවන පථ ගණනක්‌ ඉදි කර තිබුණි. 2009 පෙබරවාරි මස මුල් සතියේදී 5811 හමුදා බලකාය කොටි ගුවන් ධාවන පථ ගණන් තම පාලනයට ගැනීමට ක්‍රියා කළේය. පිරමන්තකුලම් සුන්දර පුරම්, තිරුවිලාරු, නැමැති ස්‌ථානවලද ගුවන් ධාවන පථ ඉදිකිරීමට කටයුතු කෙරෙන අවස්‌ථාවේ සටන්විරාම කමිටුව නෝර්වේ රජය සහ ශ්‍රී ලංකා රජයද බලාසිටියේය.

ඉරණමඩු ගුවන් ධාවන පථයෙන් කුඩා සැහැල්ලු යානාවක්‌ ගුවන් ගත වන අයුරු දුටු ගුවන් හමුදාව ඒ ගැන සටන්විරාම කමිටුවට දැනුම් දුන් නමුත් ඒ ගැන වැඩිදුරටත් පියවරක්‌ ගැනුනේ නැත.

මේ පසුබිම මැද ද්‍රවිඩ සංධානය උතුරුකරය කොටි පාලන සමය යටතේ පැවැති තත්ත්වයට ගෙන ඒමට සැලසුම් කර ඇත.

පසුගියදා මුලතිව් ගුවන් හමුදා කඳවුර සතු ඉඩම් අක්‌කර 42 ක්‌ නිදහස්‌ කිරීමට රජය ක්‍රියා කළේය. ඒ සම්බන්ධව රජයේ මාධ්‍ය පැවසුවේ ද්‍රවිඩ ජනතාව සතුටු කඳුළු වගුරුවමින් එම ඉඩම්වලට පැමිණි බවයි.

එහෙත් 2003 දී ද්‍රවිඩ සංධානය දියත් කළ උපග්‍රමික ක්‍රමවේදය 2017 දී යළි ආරම්භ කර ඇත. එහෙත් සැබෑ යථාර්ථය රජයේ බලධාරීන්ට අවබෝධ වී නැත. අවි පුහුණුව ලැබු 12000 ක්‌ කොටි උතුරේ සිටි. පුනරුත්ථාපනය නොවු කොටිද උතුරේ සිටින බව හෙළි වී ඇත. උතුරේ සඟවා eඅති ආයුධ ගැන දන්නේ මේ කොටි පමණකි. ඊට හොඳම නිදසුන ද්‍රවිඩ සංධාන මන්ත්‍රී සුමන්තිරන් ඝාතනයව අත්අඩංගුවට ගත් කොටියා ළඟ තිබී සොයාගත් පුද්ගල නාශක බෝම්බයයි.

මේ අතර මුලතිව්හි ගුවන් හමුදාව සතුව තිබු ඉඩම්වලින් අක්‌කර 42 ක්‌ අවතැන් වූවකු යෑයි කියන පිරිසට බාරදීම පසුගියදා සිදුවිය.

එහෙත් මුලතිව්හි තවත් අක්‌කර 425 කින් හමුදාව ඉවත් විය යුතු බවට ඉල්ලා ඇත. එහෙත් ද්‍රවිඩ සංධානයේ මේ උපක්‍රමශීලී ප්‍රයෝජනවලට රජය ගොදුරු විය යුතුද? සංහිදියාවට මුවා වී ද්‍රවිඩ සංධානය කටයුතු කරන ආකාරය මේ ඉල්ලීම්වලින් සනාථ වේ.

-කීර්ති වර්ණකුලසූරිය

යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News