Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

”යෞවන-යෞවනියන්ට දේශපාලන බලපෑම්වලින් තොරව තම දක්ෂකම් පෙන්වා ඉදිරියට එන්න හැකි වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීම ජාතික රජයේ අරමුණ බව” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී පැවැසීය.

”තාරුණ්‍යය සංවර්ධනයේ කොටස්කරුවන් බවට පත් කර ගන්නා බවද” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව කීවේ එඩින්බරෝ ආදිපාද ජාත්‍යන්තර තිළිණ ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිත ලෙස සහභාගි වෙමිනි.

කොළඹ-අරලියගහ මන්දිරයේදී උත්සවය පැවැත්විණි.

ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව යෞවන තිළිණ ප‍්‍රධාන අංශය එක්ව ”තාරුණ්‍යයේ කැපවීමට ජාත්‍යන්තර තිළිණයක්” යන තේමාවෙන් උත්සවය සංවිධාන කර තිබිණ.
උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීවේය.

ශී‍්‍ර ලංකාවේ තරුණ තරුණියන්ට හැකියා සහ දක්ෂතා රැුසක් තිබෙනවා. මා නොයෙක් උත්සව සඳහා ගම්මානවලට ගිය විට ඒ බව දකින්න ලැබෙනවා.

වෙසක් උත්සවයේදී, නත්තල් උත්සවවලදී, අවුරුදු සමයේ මෙන්ම ගම්මානවල වෙනත් උත්සව අවස්ථාවලදී තරුණ තරුණියන්ගේ දක්ෂතා දකින්න ලැබෙනවා. සමහර විට මාධ්‍ය ඔස්සේ දකින්න ලැබෙනවා. තරුණ ශක්ති ව්‍යාපාරයට වෙන් කළ මුදල්වලින් තරුණයන් කළ ව්‍යාපෘති අපට දකින්න ලැබෙනවා.
මාධ්‍ය ඔස්සේ රියලිටි වැඩසටහන් මගින්ද දක්ෂතා දකිනවා. යොවුන් පාර්ලිමේන්තුවේ, ජාතික පාර්ලිමේන්තුවේ කතා කිරීමට තරම් දක්ෂ අය සිටිනවා. මේ ආකාරයේ වැඩසටහන් ගණනාවකින් තරුණ දක්ෂතා අත්දකින්න හැකියි.

මා අධ්‍යාපන ඇමැතිතුමා සමග කෑගල්ලxශාන්ත මරියා විදුහලේ උත්සවයට සහභාගි වුණා. එහිදී රොබොටික් නිර්මාණ කළ වෙනත් විවිධ නව නිපැයුම් කළ දක්ෂ සිසුන් දකින්න ලැබුණා. මේ ආකාරයේ දක්ෂතා ඇති සිසුන් රට පුරා සිටිනවා. හැම දක්ෂතාවයක්ම ඉස්මතු කර ඉදිරියට ගෙන ඒමට යාන්ත‍්‍රණයක් නොතිබීම ගැන කණගාටු විය යුතුයි.

දක්ෂ යෞවනයන්ට දේශපාලන බලපෑම්වලින් තොරව තම දක්ෂකම් පෙන්වා ඉදිරියට එන්න හැකි වැඩසටහන් කි‍්‍රයාත්මක කරන ලෙස ජාතික තරුණ සේවා සභාවටත්, නිරෝෂන් පෙරේරා ඇමැතිතුමාටත් උපදෙස් දුන්නා.

එඩින්බරෝ ආදිපාද තිළිණ ප‍්‍රදානය පවත්වන්නෙත් ඒ අනුවයි. ලෝකය වටේම පවත්වන මේ උත්සවය ශ්‍රී ලංකාවේත් පවත්වනවා. මේ සම්මාන උත්සවය ලංකාවේ පැවැත්වූ මුල් යුගයේ එවකට සිටි හමුදාපති ජනරාල් ඇන්ටන් මුතුකුමාරු මහතා මූලිකවී කි‍්‍රයා කළා.

සම්මාන ප‍්‍රදානය හරහා තරුණ තරුණියන්ට නොයෙක් අභියෝගවලට මුහුණ දීමට හැකියාව ලැබෙනවා. විවිධ කි‍්‍රයාකාරකම් පෙන්වනවා. ජල කී‍්‍රඩා කිරීම, කඳු නැගීම, ගම්මානවල සමාජීය වැඩ කිරීම, සැළසුම් ශක්තිය, නායකත්ව ගුණාංග වර්ධනය, පසුබෑමට මුහුණ දීම, ජයග‍්‍රහණය ආදී හැම ලක්ෂණයක්ම මේ සම්මාන ප‍්‍රදානය හරහා ලබාගත හැකියි.

මේ වැඩසටහනෙන් නායකයන් බිහි වෙනවා. ගමේ නායකයන්, ආයතනයේ නායකයන්, සාමජ නායකයින් මේ හරහා බිහිවෙනවා. අනාගතයේ රට ඉදිරියට ගෙන යාමට නම් තරුණ නායකයන් අවශ්‍යයි. තරුණ නායකත්වය සඳහා අප ප‍්‍රමුඛත්වය දී තිබෙන්නේ ඒ නිසයි.

තරුණයන්ට විවිධ දක්ෂතා මෙන්ම විවිධ අදහස් ද තිබෙනවා. දක්ෂතා ක‍්‍රමානුකූලව දියුණු කරගන්න ඒ සදහා අවශ්‍ය මුදල් දෙන්නම් යයි මා තරුණ සේවා සභාවටත්, ඇමැතිතුමාටත් පැවැසුවා.

සමාජය තම දක්ෂතාවලට තැනක් දෙන බව තරුණxතරුණියන්ට අවබෝධ විය යුතුයි. ඒ සමගම අපේ අදහස වන්නේ තරුණ තරුණියන් සංවර්ධනයට එකතු කර ගැනීමයි. සංවර්ධනයේ කොටස්කරුවන් බවට පත් කර ගැනීමයි.

ජාතික රජයේ වෑයම රටට විශාල සංවර්ධනය ඇති කිරීමයි. නැවත ලංකාව ලෝකයේ ඉදිරියට ගැනීමයි. බලගතු ශ්‍රී ලංකාව ඇති කිරීමේ කාර්යභාරය සඳහා හැකි අයුරින් දායක විය යුතුයි. අපගේ ජීවිත කාලය තුළදී ඉදිරියට යන ආකාරය තවත් පිම්මකින් රට දියුණුවට පත්වන ආකාරය ගැන කල්පනා කළ යුතුයි. මුළු රටම ආවරණය වන පරිදි දියුණුව ඇති කරනවා.

අපගේ හැකියාවන් ජාතික ධනය, විදේශ ආයෝජන, විදේශ තාක්ෂණය ආදී සියල්ලම එකතු කරගෙන ඉදිරියට යා යුතුයි.

එඩින්බරෝ ආදිපාද තිළිණ ප‍්‍රදාන වැඩසටහන ආරම්භ කෙරුණේ 1985 වසරේදීයි. නමුත්  ඇතැම් කාලවල මේ වැඩසටහන අමතක වුණා. වැඩසටහන නැවත ඇරැුඹුයේ ජාතික තරුණ සේවා අධිකාරිය යටතේයි. අන්තිමට මේ වැඩසටහන මුදල් නොමැතිකමින් දිස්ති‍්‍රක්ක හතරකට සීමා වූවා. වැඩසටහන දියුණු කිරීමේ වගකීම ජාතික ප‍්‍රතිපත්ති රාජ්‍ය ඇමැතිතුමාට පැවරුවා. ඒ අනුව වැඩසටහන ලංකාවේ සෑම දිස්ති‍්‍රක්කයකම ව්‍යාප්ත වේවි. හැම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ව්‍යාප්ත වේවි.

ජාතික තරුණ සේවා සභාව තරුණයින් වෙනුවෙන් විශාල වැඩසටහන් ප‍්‍රමාණයක් කි‍්‍රයාත්මක කරමින් සිටිනවා. මේ මස අවසානයේ ති‍්‍රකුණාමලයේදී ජාතික යොවුන් පුරය පැවැත්වෙනවා
පාසල් අතර රොබොටික් තරග පවත්වන ලෙස මා අධ්‍යාපන ඇමැතිතුමාට දැනුම් දුන්නා.

මෘදුකාංග සැළසුම්කරණ තරග තරුණයන් අතර සංවිධාන කරන ලෙස මා තරුණ සේවා සභාවටත් ජාතික ප‍්‍රතිපත්ති රාජ්‍ය ඇමැතිතුමාට අද උපදෙස් දුන්නා. අපට නම් එවැනි දේවල් කරන්න දක්ෂකමක් නැහැ. නමුත් පාසල්වල දක්ෂ අය ඉන්නවා.

එමෙන්ම ජංගම දුරකථනයෙන් ගන්නා ඡායාරූප තරගයක් පවත්වන ලෙසත් මා උපදෙස් දුන්නා.
අවශ්‍ය නම් හොඳම සෙල්ෆි ඡුායාරූපයත් තෝරන්න හැකියාව තිබෙනවා. තරුණයන්ට ඒ හැකියාවක්ද තිබෙනවා.

ඉදිරියට යන්න යෞවනයන්ට අවස්ථාව දිය යුතුයි. එඩින්බරෝ ආදිපාද ත්‍යාගලාභීන් මුණගැසෙන්න අවස්ථාව ලැබීම ගැන මා ඉතා සතුටට පත්වන බව කිව යුතු යැයිද” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් පැවැසීය.

ශ්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස් ලෝරා ඬේවිස් මහත්මිය

”එඩින්බරෝ ආදිපාද ත්‍යාගලාභීන් සඳාහ විශ්වවිද්‍යාලවලට පිවිසීමේදී වැඩිපුර ලකුණු දෙන ක‍්‍රමයක් තිබෙනවා. මේ ත්‍යාගදීම තාරුණ්‍යයේ නිපුණතා වර්ධනය සඳහාද  ඉවහල් වන බව කිව යුතුයි.රටවල් 140ක සම්මාන ප‍්‍රදානය සිදුවන බව කිව යුතුයි. තාරුණ්‍යයය සංවර්ධනය වීම යනු රට සංවර්ධනය වීමයි. ජයග‍්‍රහණ ලැබූ තරුණ තරුණියන්ට මගේ උණුසුම් සුබ පැතුම් පිරිනමනවා.”

ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා
”ලංකාවේ තාරුණ්‍යයට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වැදගත්කමක් තිබෙනවා. එඩින්බරෝ ආදිපාද තිළිණ ගන්නා සැමට සුබ පතනවා.

අද රැුල්ලට වැඩ කිරීම පූර්ණතාවයක් වෙලා.  සංස්කෘතියට හානි කරන දේ ව්‍යාප්ත වන යුගයක තාරුණ්‍ය ශක්තිමත් කරන වැඩසටහන් පැවැත්වීම උචිතයි. අනාගතය බාර ගන්න සූදානම් වන ලෙස තාරුණ්‍යයට හැම විටම ආරාධනා කළා. ඒ සඳහා ඉහළ ප‍්‍රමිතියකින් යුතු තාරුණ්‍යයක් බිහි කළ යුතුව තිබෙනවා.

 ජාතික තරුණ සේවා සභාව වැනි ආයතන පිහිටුවා තාරුණ්‍යයාගේ ජවය ඉදිරියට ගෙන යෑමට රනිල් වික‍්‍රමසිංහ මහතා හැම විටම කටයුතු කළා. ජාත්‍යන්තර තරුණ දර්ශකයේ 31 වැනි ස්ථානය ලබා ගන්න අපට හැකියාව ලැබුණා.

 නූතන ලෝකයේ නව තාක්ෂණය සමග ඉදිරියට යා යුතුයි. ලංකාවම ආවරණය වන පරිදි තිළිණ ප‍්‍රදානය කිරීමට අප බලාපොරොත්තු වෙනවා.”

ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරංග වැලිඅංග මහතාද අදහස් දැක්වීය.

ස්වර්ණ, රජත සහ ලෝකඩ යන අංශ යටතේ උත්සවයේදී පදක්කම් ප‍්‍රදානය කෙරිණි.
 සම්මාන ලාභීන් අවුරුදු 14-24 අතර විය යුතුය. පරාජිත සේවය දිරි ගැන්වීමේ වැඩසටහන් සඳහා සහභාගිවීම, කී‍්‍රඩා හා විනෝදාංශයන්හි නිරතවීම, කුසලතා වර්ධනය අභියෝගාත්මක චාරිකා ආදිය පදක්කම් ලැබීමට සුදුසුකම් වේ.

සම්මානලාභීන් සඳහා අත්වන ප‍්‍රතිලාභ අතර විශ්වවිද්‍යාල හා අධ්‍යාපන විද්‍යාපීඨ ප‍්‍රවේශයේදී ප‍්‍රසාද ලකුණු හිමිවීම, ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීම, සාමාජික රටවලට වීසා ගැනීමේදී සුදුසුකමක් වීම, විදේශීය පුහුණු අවස්ථා විශේෂිතය. මේ වැඩසටහන සඳහා සම්බන්ධ විය හැකි වැඩිදුර තොරතුරු 011-2896563 දුරකතන අංකයෙන් දැනගත හැකිය.

සම්මාන ප‍්‍රදානෝත්සවය සඳහා මහාචාර්ය මෛත‍්‍රී වික‍්‍රමසිංහ මහත්මියද අමාත්‍ය මනෝ ගනේෂන් මහතාද විදේශීය නියෝජිතයෝ ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News