මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.
"යහපාලනයේ ඉන්න ලොකුම ඇමැති ඉන්නේ හබරාදුවේ. ළඟදී අපේ රැස්වීමක් තියෙන්නෙත් හබරාදුවේ. ඒකට මහින්ද මහත්තයත් එනවා. උන්දැට ගැළපෙන අමාත්‍යාංශය තමයි දීලා තියෙන්නේ. හැමදාම මම කියන්නේ ඛනිජ තෙල් සංස්ථාවේ ලාංඡනය ගැනයි. ඛනිජ තෙල් සංස්ථාවේ ලාංඡනයේ තිබෙන්නේ මිනිහෙක් පන්දමක් අරන් නිර්වස්ත්‍රව දුවන චිත්‍රයක්. චන්දිම වීරක්කොඩි ඇඳුම් ගලවලා නිර්වස්ත්‍රයෙන් දුවනවා. මහින්ද රාජපක්ෂගේ මුහුණ පෙන්න පෙන්නා ඡන්ද දිනලා අද චන්දිම වීරක්කොඩි හෙලුවැල්ලෙන් මෛත්‍රිපාල ජනාධිපතිතුමාගේ දෙපතුල ළඟට වෙලා කටු සූප්පු කරනවා.
ලබන 25දාට රැස්වීම බැලුවාම චන්දිමට, නිශාන්තට උණ ගැනෙනවා. එදාට ගාල්ලේ ජන මතය තියෙන්නේ කොහේද කියලා දැනගන්න පුළුවන්. මාර්තු 25න් පස්සේ මේගොල්ලන්ට නින්ද යන්නේ නැහැ. හීනෙන් බය වී කෑ ගසාවි."
මන්ත්‍රිවරයා අවසානයේ කවියක්ද ගායනා කළේය.
ලාබෙට කන්න දෙනවයි කියලා නේද බලය ගත්තේ
රුපියල් සීයට කවදද හාල් කිලෝ එකක් ගත්තේ
මොන කටකින් මොන විදියට බොරු කිව්වද රනිල් මුත්තේ
යහපාලනෙ කැත පේනවා අම්මප අද රටේ තත්ත්තේ
පෝද්දල - යූ. එම්. තිලකරත්නර,ත්ගම - ගුණපාල ඉරත්නවල්ලි(මව්බිම)
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



