Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

උපුටාගැනීමකි - (ලංකා ඊ නිව්ස් -2017.මාර්තු.09, පෙ.ව‍‍‍.10.35) ලංකාවේ පළමු පෙලේ රූපවාහිනී නාලිකාවක් වූ ස්වර්ණවාහිනි නාලිකාව දැඩි අර්බුදකාරී තත්වයකට මෙන්ම නීච තත්ත්වයකට වැටී ඇතැයි එහි සේවකයෝ පවසති. පසුගිය සිකුරාදා සිදු වූ මේ අලුත්ම සිදුවීම පිළිබඳව එහි සේවකයෙකු ලංකා ඊ නිවුස් වෙත පැවසුවේ මෙවන් කතාවකි.

මීට මාස අටකට පමණ පෙර ස්වර්ණවාහිනී ‍නාලිකාවේ වැඩසටහන් ඉදිරිපත් කිරීම සඳහා නිවේදක නිවේදිකාවන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් පැවැත්විණි. එයට අයැදුම් කර තිබූ පිරිස 1000 කට අධික ය. වට කීපයක් ඔස්සේ සිදුකළ සම්මුඛ පරීක්ෂණ වලින් පසු අවසානයේ නිවේදක නිවේදිකාවන් දස දෙනෙකු තෝරා ගන්නා ලදී. මෙම දස දෙනා වෙනුවෙන් විශාල මුදලක් වැය කර වැඩමුළු සහ පුහුණු කඳවුරු පවත්වන ලද්දේ ස්වර්ණවාහිනී මැදිරි තුළදී ම ප්‍රවීන නිවේදක නිවේදිකාවන්ගේ අධීක්ෂණය යටතේ ය. පුහුණුව ලැබූ දස දෙනාගෙන් අවසානයේ හය දෙනෙකු ස්වර්ණවාහිනියේ සේවය සදහා බඳවා  ගත්තේය. ඒ ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති අංශයට තුන් දෙනෙක් ද, ‘ආයුබෝවන් ශ්‍රී ලංකා‘ නමින් උදෑසන විකාශය වන වැඩ සටහනට තුන් දෙනෙක් ද වශයෙනි.

මේ සියල්ල සිදුවූයේ මීට මාස හයකට පමණ පෙර කලින් සිටි ප්‍රධානියාගේ කාලයේ දීය. පසුව අලුත් ප්‍රධානියෙකු ස්වර්ණවාහිනී මුල් පුටුව (CEO) භාරගනු ලැබුවේ 2017 වසරේ ජනවාරි පළමුවැනිදා ය. 

නිල් චිත්‍රපට හදන හැටි ප්‍රවෘත්ති වලට?
ඉන්පසුව මෙම නාලිකාව සම්පූර්ණයෙන්ම පාහේ උඩුයටිකුරු වී තිබේ. ඒ හොඳ අතට නොව නරක අතට ය. ප්‍රවෘත්ති අංශයට පැමිණි වෙළෙඳ ලොක්කන් කියන්නේ මොන කුණුහරුපයක් ගසා හෝ රේටින් වැඩි කර දෙන මිස ප්‍රවෘත්ති වල තත්ත්වය වැඩි දියුණු කිරීම නොවේ. ඒ අනුව ලඟදීම දිනෙක නිල් චිත්‍රපට හදන ආකාරය ගැන ප්‍රවෘත්ති විකාශය වුවද කිසිවෙකු පුදුම විය යුතු නැත. 

ඉහත සඳහන් කළ අලුත් නිවේදක නිවේදිකාවන් හය දෙනා අතරින් ආයුබෝවන් ශ්‍රී ලංකා වැඩසටහන ඉදිරිපත් කරන එක් නිවේදිකාවක් මේ වනවිට සේවය හැරගොස් තිබේ. එයට හේතුව ඇයට පසුගිය මාස 6 තුළම සත පහක වැටුපක් නොදීමයි.  එපමණක් ද නොව මෙම නිවේදක නිවේදිකාවන් අතරින් දෙදෙනෙකු තම අංශ ප්‍රධානියෙකු හමු වී තමන්ට මේ දක්වා කිසිදු වැටුපක් ගෙවා නොමැති බව පවසා,  තවදුරටත් රැකියාව කිරීම සඳහා අඩුම ගානේ ස්වර්ණවාහිනියට පැමිණීමට බස් ගාස්තු පවා නොමැති බව පවසමින් හඬා වැළපී තිබේ. එවිට එම අංශ ප්‍රධානියා තම අංශයේ වැඩසටහන්වල නිෂ්පාදන කටයුතු සදහා වෙන් කර ඇති මුදල්වලින් රුපියල් 25000 බැගින් මෙම නිවේදිකාවන් දෙදෙනාට ලබා දී තිබේ. ඒ මීට මාස දෙකකට පමණ පෙර ය. නමුත් මේ වන විට වැඩසටහන් නිෂ්පාදනය සදහා මුදල් ප්‍රතිපාදන නොමැති බව පවසමින් ඉහත කී නිවේදිකාවන් දෙදෙනාට දුන් මුදල්, අංශ ප්‍රධානියා විසින් ආපසු ඉල්ලමින් සිටී.

මේ අතර මෙසේ සේවයට බඳවා ගත් නිවේදිකාවන් අතරින් තවත් දෙදෙනෙකුට පසුගිය සිකුරාදා ස්වර්ණවාහිනී ‍නාලිකාවේ ප්‍රධාන පුටුව හොබවන අලුත් නිලධාරියාගෙන් අමුතු ම ආකාරයේ ඇරියුමක් ලැබිණි. ඒ ඔවුන් දෙදෙනා‍ගේ නිවේදන හැකියාවේ දෝෂ පවතින බැවින් නැවත පුහුණුවක් ලබා දීමට අවශ්‍ය බවත් එම පුහුණුව සඳහා කැන්වස් සපත්තු සහ දුහුල් ඇඳුමින් සැරසී ඔහුගේ නිල කාමරයට පැමිණෙන ලෙසත් ය.

සාමාන්‍ය ක්‍රමවේදයට අනුව ඕනෑම රූපවාහිනී වැඩසටහනක්  ඉදිරිපත් කරන නිවේදක නිවේදිකාවන්ගේ යම් අඩුපාඩුවක් වෙත්නම් ආයතනයේ ප්‍රධාන පුටුව හොබවන්නා එය පැවසිය යුතු වන්නේ අදාළ වැඩසටහනේ නිෂ්පාදකවරයාට හෝ අධ්‍යක්ෂකවරයාට ය. ඒ අනුව ඔවුන්ගේ ද අධීක්ෂණය යටතේ එම පුහුණුව නැවත ලබා දීම සිදු කළ හැකි ය. නමුත් නව ප්‍රධානියා මෙම නිවේදිකාවන් දෙදෙනාට පුහුණුවක් දෙන්නට එන්නැයි ආරාධනා කර තිබුණේ එවැනි ක්‍රමවේදයකින් තොරව සිය පෞද්ගලික කැමැත්ත මත ය. එමෙන්ම නිවේදක පුහුණුවක් යනු ප්‍රධාන වශයෙන්ම කටහඬ පුහුණුවක් වන බැවින් එයට කැන්වස් සපත්තු හෝ දුහුල් ඇඳුම් බලපාන්නේ කෙසේ ද යන්න පිලිබඳව අනිකුත් සේවකයන්ට ඇති වූයේද විශාල ගැටලුවකි.

ඇද අරින දුහුල් ඇඳුම්
කෙසේ වුව ද මෙම ආරාධනය නිසා බියපත් වූ ඉහත කී තරුණ නිවේදිකාවන් දෙදෙනා ප්‍රධානියාගේ නිල කාමරයට ගොස් තිබුණේ නැත. නමුත් පසුවදා සේවයට වාර්තා කළ ඔවුන්ට දැන ගන්නට ලැබුණේ ඔවුන්ගේ නිවේදන හැකියාව ඉතා අඩු මට්ටමක පවතින් බැවින් සහ ඔවුන්ගේ උරහිස්වල ඇදයක් තිරයේ පෙනෙන්නට තිබෙන බැවින් ස්වර්ණවාහිනී නාලිකාවේ වැඩසටහන් ඉදිරිපත් කරන්නට ඔවුන් දෙදෙනා කිසිසේත්ම සුදුසු නැතැයි ප්‍රධානියා තීරණය කර ඇති බවයි.  ඒ අනුව පසුදා සිට ඔවුන් දෙදෙනාට මාස හයක් පුරා කරගෙන ආ රැකියාව අහිමි විය. මාස හයක කාලයක් ස්වර්ණවාහිනී ආයතනයේ නිවේදිකාවන් ලෙස සේවය කළ ද ඔවුන්ට මේ දක්වා පත්වීමේ ලිපියක් ලැබී තිබුනේද නැත.

දුහුල් ඇඳුම් ඇඳ ප්‍රධානියාගේ කාමරයට පුහුණු වන්නට ගියා නම් ඒ නිවේදිකාවන් දෙදෙනාගේ උරහිස් වල තිබූ ඇදය හරියන්නට ඉඩ තිබිණ.  

අලුත් ප්‍රධානියා මේ වනවිට ස්වර්ණවාහිනී නාලිකාවේ සේවය කරන ප්‍රවීන නිවේදිකාවන්ගේ පවා අඩුපාඩු ඇති බව දක්වමින් ඔවුන්වද සිය නිල කාමරයේදී පුහුණු කරවන්නට අර අඳිමින් සිටින බව ද දැන ගන්නට තිබේ.

-දියෝනිස් මාස්ටර් විසිනි-

යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News